අමාත්‍යවරයා මෙසේ ඉල්ලා සිටියේ, අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
සැප්තැම්බර් 23 වනදා ලෝක සංඥා දිනය යෙදෙන බවත්, මෙරට ජනගහණයෙන් කිසියම් හෝ ආබාධයකට ලක්වූ, කතනාබාධ සහිත පුරවැසියන් වෙනුවෙන් තම ප්‍රවෘත්ති ප්‍රකාශ සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කරන ලෙස සියලුම රූපවාහිනී නාලිකා වලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
ජාතික රූපවාහිනිය සහ සිරස නාලිකාව දැනට සංඥා භාෂාවන්ගෙන් ඔවුන්ගේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන බවද, කතනාබාධයන්ට ලක්වූ සහෝදර ජනතාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී නාලිකාවද එළඹෙන 23 වනදා සිට ලෝක සංඥා දිනයට සමගාමීව සිය ප්‍රවෘත්ති ප්‍රකාශ සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති බව පැවසූ අමාත්‍යවරයා,අනෙකුත් සියලුම විද්‍යුත් මාධ්‍යයන්ගෙන්ද එම ඉල්ලීම සිදුකළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලෙහි පහත මාලයේද එළඹෙන 23 වනදා ප්‍රථම වතාවට මෙරට ආබාධ සහිත පුරවැසියන් වෙනුවෙන් කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් ඉදිකරන බවද, එමගින් ඔවුන්ට කිසිදු බාධාවකින් තොරව පැමිණ මාධ්‍යයට අදාළ සිය තම ඕනෑම කටයුත්තක් ඉටුකරගැනීමට අවස්ථාව සැලසෙන බවද, ඒ වෙනුවෙන් ඔවුන්ගේම නියෝජිතයෙකුද පූර්ණකාලීනව එහි රදවා ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.