ඊයේ (13) එම විදුලි ආලෝකකරණ පද්ධතිය අත්හදා බැලීමේ කටයුතු සිදු කරන ලදී.
මෙම නව කැළණි පාලම ශ්‍රී ලංකාවේ වානිජ අගනගරය වන කොළඹ නගරයේ සුන්දරත්වය වැඩි කිරිමට ඉවහල් වන ප්‍රධාන සාධකයක් වන නිසා කැළණි ගගේ සුන්දරත්වය සහ පාලමේ අලංකාරය පෙන්නුම් කිරිම සඳහා විදුලි ආලෝකකරණය ඉවහල් වන බව අමාත්‍යවරයාගේ අදහස විය.
එම නිසා දියුණු රටවල් පාලම් අලංකරණය කිරිම සදහා භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි අවධානය යොමු කර ඒවා අප රටට සුදුසු නම් එම ක්‍රමවේදයන් මේ නව කැළණි පාලමට යොදා ගන්නා ලෙසද මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහාතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබුණි.