අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි මිරිසවැටිය රාජමහා විහාරාධිපති හා ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ මෙම සති පිරිත් පිංකම සංවිධානය කර තිබිණි.
පසුගිය සැප්තැම්බර් 07 වැනිදා ආරම්භ වූ මෙම සති පිරිත් පිංකම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මහාසංඝරත්නයට දැහැත් වට්ටියක් පූජා කරමින් ආරාධනා කළේය.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ලා ඇතුළු රජයටත්, සෞඛ්‍ය සේවාවේ හා ආරක්ෂක අංශවල නියතු සියලු දෙනාටත්, රටවාසී සහ ලෝකවාසී ජනතාවටත් සෙත්පතා වසංගත රෝග දුරු කිරීමේ අරමුණෙන් මෙම විශේෂ සති පිරිත් දේශනාව පැවැත්වෙන බව මිරිසවැටිය රාජමහා විහාරාධිපති ආචාර්ය ඊතල්වැටුණුවැවේ ඤාණතිලක නාහිමියෝ පැවසූහ.
සති පිරිත් පිංකම සංවිධානය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය අනුග්‍රහය දැක්වීය.
සත්වැනි දින පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍යවරුන්වන ලොහාන් රත්වත්තේ, චන්න ජයසුමන, ෂෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.පී.කුමාරසිරි, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, මහා භාරකාර ගනේෂ් ධර්මවර්ධන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.