අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඊයේ (14) වරාය හා නාවික අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා;
නාවික කේන්ද්‍රස්ථානයක් වූ වරාය අධිකාරිය තුළ CICT, ECT, SAGT, JCT යන පර්යන්ත මෙන්ම තවත් අනාගතයේ දී නව පර්යන්ත කිහිපයකින් ආසියාවේ ප්‍රබලම වරාය බවට පත්වෙන තැනට අවශ්‍ය කරන සේවා මධ්‍යස්ථානයක්, ඕනෑම දියුණු වරායකට ඇති අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා.
ඒ සදහා පෞද්ගලිකව හා රජය හවුල් වීමෙන් මෙන්ම වසර 35 කින් නැවත 100% ක්ම රජය සතු අයිතීන් බවට පැවරෙන ආකාරයෙන් සේවා මධ්‍යස්ථාන ගොඩනගා ගැනීම රජය සිදුකරමින් සිටින බවද පැවසුවේය.