පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මුහුදු මහා විහාරස්ථානය වැද පුදා ගත් රාජ්‍ය අමාත්‍යවරයා, ඉන් අනතුරුව විහාරාධීපති වරකාපොල ඉන්දසිරි හිමියන් හමු වී මුහුදු මහ විහාර භූමිය පිළිබඳ පවතින ගැටලු ගැන සාකච්ඡා කළේ ය.
ඉන් අනතුරුව දිවයිනේ ප්‍රචලිතම සර්ෆින් වෙරළ තීරනයක් ලෙස දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ඇති ආරුගම්බේ වෙරළ තීරයේ මුහුදු ඛාදනය රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය. මෙම ගැටළුවට කඩිනම් පිලියම් සොයන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා,අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනේ ය.
එහිදී අමාත්‍යවරයා ව්‍ය්‍යාපාර කටයුතු පවත්වාගෙන යන හෝටල් හිමියන් කිහිප දෙනෙකුද හමුවූ අතර ඔවුන්ගේ ගැටලු ද විමසා බැලීය. රුපියල් මිලියන 50ක මුදලක් අම්පාර දිස්ත්‍රික්කයේ වෙරළතීරය ඛාදනය වීමෙන් ආරක්ෂාඅ කිරීමට මෙම වර්ෂය සඳහා අනුමත කර ඇත.
මෙම නිරීක්ෂණය සඳහා වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවිර දිසානායක මහතා , අම්පාර දිස්ත්‍රික්කයේ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා, අමාත්‍යාංශ ලේකම් අනිල් විජේසිරි මහතා , වෙරළ සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. රනවක මහතා, ලාහුගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති චන්ද්‍රසේන මහතා ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් ඇතුලු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි විය.