රට විවෘත කිරීමේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වන යුද හමුදාපතිවරයා පවසන්නේ, ඉදිරියේදී සෞඛ්‍ය බලධාරීන් විසින් රට විවෘත කර පවත්වා ගැනීමේ සෞඛ්‍ය නිර්දේශ එළඹෙන සිකුරාදා (සැප්තැම්බර් 17) ලබා දෙනු ඇති බවත්, රට යම් තරමකට විවෘත කිරීමේ හැකියාවක් පැවතිය ද පවත්වාගෙන යා යුතුව ඇත්තේ සෞඛ්‍ය නිර්දේශ අනුව බව කීය.