මළ අපද්‍රව්‍ය හා අපජලය ශරීරගතවීමෙන් හා ස්පර්ශ වීමෙන් මාරාන්තික රෝගී තත්ත්වයන් හා සමේ රෝග,බෝ වන රෝග බොහෝමයක් වැළඳිය හැකි බැවින් මළ අප පද්ධති හා නල මාර්ග වැඩිදියුණු කිරීමට පළාත් සභා හා පලාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මළ අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය මඟින් රුපියල් මිලියන 6666. 00 ක මුදලක් වැයකර ඇත.
එම ව්‍යාපෘති වලින් බොහෝමයක මේ වන විට වැඩ අවසන් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කියා සිටී.ඒ අනුව බ්‍රේබෲක් පෙදෙස,සෙරන්ඩිබ් පෙදෙස ,කොළඹ මහ මහනගර සභාවට අයත් සී. එස් .19 (C.S.19) යන මල නාලිකාවන්හි ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇත.
එමෙන්ම යාන්ත්‍රික හා විද්‍යුත් ක්‍රම ස්ථාපනය කරන ලද වැඩ ඒකක හා සී.එස් 3 ( cs3 ) සහ බම්බලපිටිය පොම්පාගාරය ඉදිකිරීම අවසන් කර ඇත.මීටර් 1410 එක m26 මල නාලිකාව ඉදිකිරීම හා පයිප්ප ඇතිරීම ,මීටර් 5710 කොළඹ මහ නගර සභා දකුණු ප්‍රදේශයේ මළ නාලිකා හා පයිප්ප ඇතිරීම, හා කිලෝමීටර් 125ක තෝරාගත් මළ නාලිකා පිරිසුදු කිරිම , සීසීටීවී විමර්ශනය ,තත්ත්වය ඇගයුම හා වාර්තා සැකසීම සිදු වෙමින් පවතින අතර කිරුලපන ප්‍රදේශයේ ගුරුත්ව නල පද්ධති,පීඩන නල පද්ධති හා පොම්පාගාර සැකසීමේ වැඩ සියයට 65 කින් නිමා වී ඇත.
වර්ෂා කාලයට කොළඹ ජීවත්වන ජනතාව මුහුණ දෙන බරපතල ගැටළු වන කානු පද්ධති හිරවීම,මළ අපද්‍රව්‍ය ගැටළු ඇතුළු සෞඛ්‍ය ප්‍රශ්න බොහෝමයකට මෙම සංවර්ධන කටයුතු මගින් විසඳුම් ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.