රට අර්ධ වශයෙන් වසා තිබෙන මේ මොහොතේ නිරෝධායන නීති හා නිරෝධායන ඇඳිරි නීති කඩකිරීම් සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා “බස්නාහිරින් පිටතට යන වාහන 596 ක් සහ පුද්ගලයන් 892ක් පරික්ෂා කර තිබෙනවා. බස්නාහිරට ඇතුලු වන වාහන 792ක් සහ පුද්ගලයන් 1160ක් පරික්ෂා කළා. නිසි පරිදි අවසර නොලබා පැමිණි වාහන 198ක් සහ පුද්ගලයන් 303 දෙනෙකු හරවා යැවීමට මෙම නිලධාරින් කටයුතු කළා” යනුවෙන් පැවසීය.
පළමු කොරෝනා රැල්ලේ සිට මේ දක්වා නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම් සහ නිරෝධායන නීති කඩකිරීම් යටතේ පුද්ගලයන් 72113ක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, නිරෝධායනය නීති උල්ලංඝණය යටතේ පුද්ගලයන් 15908 හා වාහන 1717 නීතිය ඉදිරියට පමුණවා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.