රට අර්ධවශයෙන් වසා ඇති මෙම සමයේ සිදුවූ රිය අනතුරු සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසීය.
මෙම අනතුරුවලට හේතුව අපරික්ෂාකාරී රය පැදවීම බවත් සිදුවූ අනතුරුවලින් 56ක්ම අපරික්ෂාකාරී ලෙස රිය හා යතුරුපැදි ධාවනය මගින් සිදුවී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මාර්ග අනතුරුවලින් මියගිය 66 දෙනාගෙන් 31 දෙනෙකුම යතුරුපැදි කරුවන් බවත්, ඉතා අපරික්ෂාකාරී ලෙස යතුරුපැදිකරුවන් මේ මොහොතේ යතුරුපැදි හසුරවන බවත්, එම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.