කිලෝ මීටර් 32 ක දුරකින් සමන්විත මෙම මාර්ගය මං තීරු දෙකක් යටතේ පුළුල් කරමින් තිබේ. දැනටමත් කිලෝ මීටර් 18 ක වැඩ අවසන් කර ඇත. මෙම මාර්ගයේ බරුදැල්පොල ප්‍රදේශයේ මීටර් 100 ක දිගකින් යුක්ත පාලමක් සම්පූර්ණයෙන් වැඩ අවසන් කොට තිබේ. එමෙන්ම තොඩුවාව ප්‍රදේශයේ මීටර් 80 දිග පාලමක් සම්පුර්ණයෙන් ප්‍රතිසංස්කරණය කර තිබේ.
රථ වාහන තදබදය විසදීමට අමතරව සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට හා ප්‍රදේශයේ ධීවර කර්මාන්තයේ දියුණුවට ද මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීම වඩාත් ඉවහල් වනු ඇත. සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා එම ප්‍රදේශයේ ආකර්ෂණය වැඩිදියුණු කිරීම පිණිස මග දෙපස වෙරළබඩ ප්‍රදේශයට ආවේණික වූ ශාක වර්ග සිටුවීමට සැලසුම් කර තිබේ.