ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “රට හදන සෞබාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් දේශිය හස්ත කර්මාන්ත නිර්මාණ ශිල්පීන්ගේ සාම්ප්‍රදායික නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳපොල හඳුන්වාදීම හා කොවිඩ් 19 තත්වය මත විදේශීය සංචාරකයන් මෙරටට නොපැමිණීමෙන් 90%කින් පමණ පහළ ගොස් හානි වූ ලක්සල අලෙවි ආදායම නව ව්‍යාපාරික සැලැස්ම යටතේ පූර්ණය කරගැනීම මෙම ව්‍යාපාරික ගිවිසුමේ මූලික අරමුණ වී ඇත.
ඒ අනුව ඉදිරියේදී ලක්සල නව කලමණාකාරීත්ව ව්‍යාපාරික සැලැස්ම යටතේ මෙම වසර අවසන් වීමට පළමුව මෙවැනි වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාර කිහිපයක් විදේශීය තානාපති කාර්යාල හා සම්බන්ධවෙමින් එක්සත් රාජධානිය, චීනය, ජපානය හා කැනඩාවේ විවෘත කිරීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.
මෙම නව ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජානක ධර්මකීර්ති, හස්ත කර්මාන්ත මණ්ඩලයේ සභාපති නීතිඥ ලක්මාල් වික්‍රමආරච්චි, සාලා ග්ලෝබල් පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ චින්තක විජේවික්‍රම ඇතුලු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වූහ.