පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මහනුවර මහාමායා බාලිකා මහා විද්‍යාලයේ සහ ධර්මරාජ විද්‍යාලයේ ඉදිරි සංවර්ධන වැඩ කටයුතු නිරීක්ෂණයට

    සැප්තැම්බර් 16, 2021

    මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පෙලේ කාන්තා ජාතික පාසලක් වන මහාමායා බාලිකා මහා විද්‍යාලයේ සහ ප්‍රධාන පෙලේ පිරිමි ජාතික පාසලක් වන ධර්මරාජ විද්‍යාලයේ ඉදිරි සංවර්ධන වැඩ කටයුතු නිරීක්ෂණය කිරීම ප්‍රවාහන හා ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍ය ගරු දිලුම් අමුණුගම මහතා විසින් පසුගිය දා (13) සිදු විය.

    මෙම නිරීක්ෂණයට කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත මහතා සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා මහතා ද සහභාගී වූ අතර, මෙහි දී අමාත්‍යවරුන් දෙපල වැඩිදුරටත් පවසා සිටියේ ඉතා කඩිනමින් ශිෂ්‍යයින්ගේ අධ්‍යාපන කටයුතු කරගෙනයාම සදහා අවශ්‍ය කරන සංවර්ධන කටයුතු සිදු කිරීමට ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලබන බවයි.


    මෙම අවස්ථාවට මහාමායා බාලිකා මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනිය ශකිලා සේනාධීර මහත්මිය, ධර්මරාජ විද්‍යාලයේ වත්මන් විදුහල්පති කේ.පී.පී ආරියසිංහ මහතා ඇතුලු පාසලේ ගුරු මහත්ම,මහත්මීන් ද මෙම අවස්ථාවට සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya