පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    කඩිනමින් පාසල් ආරම්භ කිරීමට අවධානය

    සැප්තැම්බර් 16, 2021

    සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ (15) පැවති සාකච්ඡාවකදී අවධානය යොමු විය.


    ඒ අනුව පාසල් ආරම්භ කිරීම පිළිබඳව ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම අධ්‍යාපන අමාත්‍යාංශයටත් ඒ හා සම්බන්ධ සෞඛ්‍යමය නීති රීති හා මාර්ගෝපදේශ සම්පාදනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සිදු කිරීමටත් මෙහිදී තීරණය විය.
    සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්විය.
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ , අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශ වල ඉහළ නිලධාරීන් පිරිසක්ද,වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ.

    මෙරට පාසල් පද්ධතියේ ළමුන් 200 ට අඩු පාසල් 5000 ක් පමණ වන අතර එම පාසල් මේ අනුව කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව පෙර පාසල්ද 6 වන ශ්‍රේණිය දක්වා වූ පාසල් ද මූලිකව ආරම්භ කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය. එලෙස පාසල් ආරම්භ කිරීමේ දින වකවානු තීරණය කිරීම අධ්‍යාපන
    අමාත්‍යාංශය මගින් සිදු කෙරෙන අතර ඒ අනුව ඉදිරි සති දෙක තුන තුළදී පාසල් ආරම්භ කිරීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය. මේ අතර මේ වන විට පාසල් ගුරුවරුන් ,අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බවත්, එයට අමතරව මේ වන විටත් එන්නත්කරණය කර නොමැති පාසල් ප්‍රවාහන සේවාවන්හි නිරත වන්නන් සියල්ලන්ම ඉතා කඩිනමින් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට පියවර ගන්නා බවත් සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya