පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    මෙරට සියළු ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත පරිගණක සහ අන්තර්ජාල පහසුකම්

    සැප්තැම්බර් 17, 2021

    ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල නේවාසිකව සිටින දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් රුපියල් මිලියන 21ක් වටිනා පරිගණක 700ක් සහ අන්තර්ජාල සබඳතා ප්‍රදානය කෙරෙයි.

    කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ පෞද්ගලික ඉල්ලීමකට අනුව මෙරට සමාගම් කීපයක පූර්ණ අනුග්‍රාහය යටතේ දිවයින පුරා විසිරී ඇති ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379ක දරුවන් 10,632 සඳහා මෙම ප්‍රදානය සිදුකෙරිණි. සංකේතාත්මක පරිගණක ප්‍රදාන වැඩසටහන 2021.9.15 දින අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහභාගීත්වයෙන් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරීශ්‍රයේ දී සිදු විය.

    මාර්ගගත අධ්‍යාපන අභියෝගය ජය ගැනීමත්, දරුවන්ගේ පරිගණක සාක්ෂරතාව වර්ධනය කිරීමත් අරමුණු කරගනිමින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙම ඉල්ලීම ව්‍යාපාරික ප්‍රජාව වෙත ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව Star Lanka Shipping සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ කැප්ටන් ඒ. බෙනාජි මහතාගේ ආරාධනයෙන් සහ සම්බන්ධීකරණයෙන් පහත නම් සඳහන් ආයතන විසින් මෙම පරිගණක පරිත්‍යාගය සිදු කරන ලදී.

    1. Star Lanka Shipping Pvt Ltd 5. Fairfirst Insurance Pvt Ltd
    2. Maersk Lanka Pvt Ltd 6. Viswak Plywood Pvt Ltd
    3. GTB Steel Corporation Pvt Ltd 7. Union Assurance Pvt Ltd
    4. Trident Corporation Pvt Ltd 8. A One Computers Pvt Ltd

    මීට අමතරව ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ අනුග්‍රාහකත්වය යටතේ සියළු ළමා සංවර්ධන මධ්‍යස්ථාන සඳහා අන්තර්ජාල සබඳතා ප්‍රදානයක් ද සිදුකෙරුණි.

    ඒ අනුව "සියල්ලටම පෙර දරුවන්" යන තේමාව රැගත් මෙවර ලෝක ළමා දින වැඩසටහන් මාලාවට සමගාමීව මෙම පරිගණක 700 පරිවාස හා ළමාරක්ශක සේවා දෙපාර්තමේන්තුව වෙත සංකේතාත්මකව භාරදීම සිදුවිය. එහිදී අමාත්‍යතුමන් අතින් පළාත් පරිවාස කොමසාරිසවරුන් හට සංකේතාත්මකව පරිගණක භාරදීම ද සිදුවිය.

    මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, මෙතරම් විශාල පරිගණක ප්‍රමාණයක් රජයේ රැකවරණ යටතේ සිටින දරුවන් වෙත ප්‍රදානය කෙරුණු පළමු අවස්ථාව මෙය බවයි. ළමා සංවර්ධන මධ්‍යස්ථාන තුළ නේවාසිකව සිටින දරුවන්ගේ අවශ්‍යතා පිළිබඳ සාම්ප්‍රදායික දෘෂ්ටියෙන් නොබැලිය යුතු බවද මෙහිදී අමාත්‍යතුමන් ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා ලෙස තමන් නූතන ලෝකය ජය ගැනීමට දරුවන්ට අවැසි දේ සපයා දීමට නිරන්තරයෙන් උත්සාහ කරන බව ද ලෝක වාර්තාවක්ද සහිතව ප්‍රථම වතාවට එක් දිනකදී පරිගණක 700ක් පෞද්ගලික අනුග්‍රාහකත්වයකින් පරිත්‍යාග කිරීම මෙය වන බවද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

     

    ක්‍රීඩා, තරුණ කටයුතු සහ ඩිජිටල් තාක්ෂණ, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය   නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ගරු සාගර කාරියවසම්, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර, පරිවාස හා ළමාරක්ශක සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සුදීර නිලංග විතාන යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya