පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    “තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානයේ ඉදි කිරීම් කටයුතු ඇරඹේ

    සැප්තැම්බර් 17, 2021

    දැයක් නගන - සියක් නගර” ව්‍යාපෘතිය යටතේ තිරප්පනය අනුරාධපුර තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම හා තිරප්පනය “තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය ඉදි කිරීම් කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

    රට නගන සෞභාග්‍යයේ දැක්ම වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව නගර සීයක් සංවර්ධනය කිරීමේ “දැයක් නගන - සියක් නගර” ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම වෙනුවෙන් රුපියල් මිලියන 16.8 ක් හා තිරප්පනය “තුරු සෙවන” විවේක සහ විනෝද කටයුතු උද්‍යානය සඳහා රුපියල් මිලියන 33 ක මුදලක් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ජල පවිත්‍රතා කටයුතු රාජ්‍යය අමාත්‍යංශය මගින් වෙන් කර ඇත.

    ඒ අනුව තිරප්පනය නගරයේ යෝජිත භූදර්ශන හා රථවාහන නැවතුම් භූමියෙහි වොලි බොල් ක්‍රීඩා පිටියක්, අංග සම්පූර්ණ වැසිලිකි පද්ධතියක්, පොලිස් මුර පොළක්, රථ වාහන ගාලක්, නගරය මඟහැරි යන ලෙස අතුරු මාර්ගයක් ඇතුළුව ඉදි කෙරෙන අතර, තුරුසෙවන විවේක සහ විනෝද කටයුතු උද්‍යාන භූමියේ වැසිකිලි පද්ධතියක්, ඇවිදින මංතීරුවක්, ව්‍යායාම සිදු කිරීමට ස්ථානයක්, ළමා උද්‍යානයක් ඇතුළුව සංවර්ධනය කිරීමට යෝජිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya