දෛනික කොවිඩ් පරීක්ෂණ ධාරිතවය 20,000 ඉක්මවා සිදකළ හැකි ජංගම රථ 05ක් මෙරටට ලබාදීමට ඉන්දීය ටාටා සමිගම කැමැත්ත පළ කළද එම සුව සේවා ව්‍යාපෘතිය යටගැසීමේ සැලැස්මක් පිළිබඳව සෞඛ්‍ය අංශ වලට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය ඔස්සේ පළ වන පුවත් පිළිබදව සිදුකළ විමසීමේදී අද (17) රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමින් කරමින් ඔහු මේ බව අවධාරණය කළේය.
අවශ්‍ය තොරතුරු නිරාකරණය කරගැනීමකින් තොරව අදාළ කටයුතු ඇරඹීමට නොහැකි බව පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ එම කටයුතු මේ දින වල සිදුකෙරෙන බවයි. ලබාදුන් පමණින් භාරගෙන ක්‍රිය කළ නොහැක්කේ එහි අතුරු ඵල වලට වගකිව යුතු වන බැවින් බවද ඔහු පැවසුවේය.
මේ වන විට 20ත් 30ත් අතර වයස් කාණ්ඩ වල පුද්ගලයන් සදහා එන්නත්කරණය සෑම ස්ථානයකම සිදු නොවන අතර ඒම අය සදහා බස්නාහිර පළාතෙත් ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් ලබාදෙන බව ඔහු සදහන් කළේය.
එම පළාතේ සහ දිස්ත්‍රික්ක වලද අදාල වයස් කාණ්ඩ වෙත එන්නත් ලබාදෙන ස්ථාන පිළිබදව අදාල ප්‍රදේශ වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් ඒන්නත් ලබාදෙන්නේ නම් එය දැනුම් දෙන බවද, එවිට ඒම දිනයේ අදාල වේලාවට ගොස් එන්නත් ලබාගැනීමට කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.
කොවිඩ් ව්‍යාප්තියේ අඩුවීමක් පෙන්නුම්කරන බවද නමුත් මෙම අඩුවීම කොතෙක් දුරට පවතිනවාද යන්න තීරණය වීම සදහා රටේ ජනතාවගේ වගකීම් සහිත හැසිරීම ඉතාම වැදගත් බව ඔහු අවධාරණය කළේය.