ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ පිහිටි එම මධ්‍යස්ථානය අද (17) දින ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ නිරීක්ෂණයට ලක් විය.
එළඹෙන සැප්තැම්බර් මස 23 දිනට යෙදෙන සංඥා භාෂා දිනය නිමිත්තෙන් ඒම මධ්‍යස්ථානය විවෘත කිරීමට නියමිතය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් සකස් වූ විශේෂ පහසුකම් රැසකින් මෙම මධ්‍යස්ථානය සමන්විත වේ. පරිගණක සහ අන්තර්ජාල පහසුකම් මෙන්ම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා උපදේශන සේවාවක්ද ක්‍රියාත්මක වේ.
රජයේ මෙන්ම පෞද්ගලික නාලිකාවන්හි විකාශය වන ප්‍රවෘත්ති විකාශ භාෂාවෙන් විකාශය කිරීම සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති අතර ඉදිරියේදී අනෙකුත් අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු පරිශ්‍ර වලද මෙවැනි මධ්‍යස්ථාන ඉදි කිරීමට සැළසුම් කර තිබේ.
මෙම කේන්ද්‍රස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මධ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ බිමි මහළේ ස්ථාපනය කෙරේ. විශේෂ අවශ්‍යතා සහිත තැනැත්තන්ගේ අවශ්‍යතාවන්ට අනුරූපවන පරිදි කේන්ද්‍රස්ථානය සකස් විය යුතු ආකාරය පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහස්පෙරුම මහතා අද (17) ආබාධ සහිත පුද්ගලයන්ගේ නියෝජිත කණ්ඩායමක් සමඟ අදහස් හුවමාරුවක නිරත විය.
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහොන් සමරනායක මහතා, ආබාධ සහිත පුද්ගල සංගමයේ සභාපති රසංජලී පතිරගේ , ඇතුළු මහත්ම මහත්මින් පිරිසක් ඒක්ව සිටියහ.