දැනට රට තුළ ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය 2021.10.01 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති නිසාත්, කෝවිඩ් වසංගත තත්ත්වය මත සෞඛ්‍ය උපදෙස් සලකා බැලීම අත්‍යවශ්‍ය නිසාත්, පාර්ලිමේන්තු රැස්වීම දින දෙකකට පමණක් සීමා කළ බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව 21 හා 22 වන දා, නියෝග හා රෙගුලාසි කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, 22 වන දා පාරිභෝගික කටයුතු අධිකාරී සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් 17 පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවට, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම ආණ්ඩු පක්ෂ සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද එක්ව සිටියහ. එමෙන්ම නිමල් සිරිපාලද සිල්වා, අලි සබ්‍රි, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදියුදීන්, අනුර දිසානායක, එම්. ඒ. සුමන්තිරන්, මනෝ ගනේෂන් යනාදී මැති ඇමතිවරු සහ පක්ෂ නායකයෝ රැසක් මෙම රැස්වීමට සහභාගි වූහ.