තාක්ෂණික දැනුමින් සපිරි උගතුන් බිහිකළ තෝනැන්නක්වන මරදාන කාර්මික විද්‍යාලය 1893 වර්ෂයේදී ආරම්භ විය. පසුගිය කාලවකවානුව තුළ සුළුවශයෙන් හෝ වැඩිදියුණු කිරීමක් සිදුව නොතිබෙන අතර ඒ නිසාවෙන් එහි අධ්‍යාපන කටයුතු හා භෞතික පරිසරයද ගරා වැටීමකට ලක්ව තිබේ.
ඒ අනුව අමාත්‍යවරියගේ ඍජු මැදිහත්වීමෙන් විශාල වටිනාකමක් ඇති මෙම පරිශ්‍රය සම්පූර්ණයෙන්ම නව්‍යකරණය කිරීමට සැලසුම් ක්‍රියාත්මක විය. මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයද ලැබීම සුවිශේෂී කරුණකි.
මෙහි වැඩකටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා රාජ්‍ය අමාත්‍යවරිය ඊයේ (17) දින එම පරිශ්‍රයෙහි නිරීක්ෂණ චාරිකාවක නිරතවිය.
දේශණ ශාලා, පුස්තකාල , ප්‍රායෝගික පුහුණු ශාලා, කාර්යාල ආදී සියලුම ගොඩනැගිලි නවීන වැඩ ලෝකයට ගැලපෙන ලෙස හා ශිෂ්‍යයින්ට වඩාත් ආකර්ශනයක් ලැබෙන පරිදි නවීකරණය කරනු ලබයි.
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය මගින් කාර්මික විද්‍යාල නවීකරණය කිරීමේ වැඩසටහනේ තෝරාගත් කාර්මික විද්‍යාල 6 ක් ප්‍රථම අධියර යටතේ නවීකරණය කීරීමට කටයුතු යොදා ඇති අතර, ඒ යටතේ මරදාන කාර්මික විද්‍යාලය හා හෝමාගම කාර්මික විද්‍යාලවල නවීකරණ කටයුතු මේවනවිටත් සිදු කෙරෙමින් පවතියි.