රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා එහිදී එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍රයේ වත්මන් තත්ත්වය පිළිබඳවත් එමගින් පරීක්ෂණ සිදු කිරීමට නොහැකි වීමෙන් පළාත් හතක ළමා රෝගීන් පත්ව තිබෙන අසීරුතාව සම්බන්ධවත් ඇමැතිවරයාට කරුණු පැහැදිලි කළේය. 2006 වසරේ රෝහල විවෘත කිරීමත් සමඟ මෙම යන්ත්‍රය රෝහලට ලැබී තිබෙන බවත් 2017 දක්වා එමගින් පරීක්ෂණ සිදුකර තිබෙන බවත් රෝහල් අධ්‍යක්ෂවරයා පැවසුවේය. රුපියල් කෝටි ගණනක් වටිනා එම යන්ත්‍රය නිසි නඩත්තු කිරීමක් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වයට පත්ව තිබෙන අතර ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස මෙහිදී අමැතිවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාට උපදෙස් දුන්නේය.
මෙම යන්ත්‍රය ක්‍රියාත්මක මට්ටමේ පැවති කාලයේදී දිනකට එම්.ආර්.අයි. පරීක්ෂණ 15- 20 ප්‍රමාණයක් සිදු ඇත.
මේ අතර එම රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිත දරුවන්ගේ තත්ත්වය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී විමසීය. ඒ අනුව ආසාදිත දරුවන් වාර්තා වීම මේ වන විට දිනෙන් දින විශාල ලෙස අඩු වෙමින් පවතින බව වෛද්‍යවරු පෙන්වා දුන්හ.
එමෙන්ම රෝහල් පරිශ්‍රයේ පවතින අඩු ඉඩ පහසුකම් සම්බන්ධයෙන් ද රෝහල් අධ්‍යක්ෂවරයා සෞඛ්‍ය අමාත්‍යවරයාට කරුණු පැහැදිලි කළ අතර ඒ අනුව ඒ පිළිබඳව අවධානය යොමු කර කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.