අප්‍රේල් 20, 2025
tami eng youtube  twitter facebook

    "ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය" වෙනුවෙන්  "දූෂණයෙන් තොර සමුද්‍ර පරිසරයක්" යන තේමාව යටතේ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ තරඟයක්

    සැප්තැම්බර් 19, 2021
    සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය  විසින් සැප්තැම්බර් මස 18 දිනට යෙදී ඇති "ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය" වෙනුවෙන් පවත්වනු ලබන නිර්මාණ තරඟය සඳහා   "දූෂණයෙන් තොර සමුද්‍ර පරිසරයක්" යන තේමාව යටතේ සමාජ මාධ්‍ය ජාලායන් මඟින් නිර්මාණ තරඟයක් පැවැත්වීමට තීරණය කර ති⁣⁣බේ.
     
    මේ සඳහා  ඔබේ නිර්මාණ යොමුකළ හැකිය .
     
    තරඟ විස්තර :
     
    • සමාජ මාධ්‍ය ජාලයන් තුළ (Fb) ප්‍රචාරය  කිරිමට සුදුසු මට්ටමෙන්  පරිගණක , ජංගම  දුරකථන උපයෝගී කරගනිමින්   කරන නිර්මාණයක්  හෝ A4 ප්‍රමාණයේ කඩදාසියක් මත අදින ලද නිර්මාණ  විය යුතුය 
     
    • ඔබගේ නිර්මාණය පැහැදිලිව පැහැදිළිව ඡායාරූපගත කර හෝ JPEG ආකාරයට 0772622915 අංකයට WhatsApp මාධ්‍ය මගින් පමණක් යොමු කල යුතුය 
     
    • නිර්මාණ බාරගන්නා අවසාන දිනය 2021 සැප්තැම්බර් මස 20 වන දිනය වන අතර විනිසුරු මඩුල්ල විසින් මුලික වටයට තෝරා ගන්නා නිර්මාණයන්   පමණ ක් 20/9/2021 වන දින SLMEPA (Marine Environment Protection Authority) නිළ Facebook පිටුවේ පලකරනු ඇත.
    • එම නිර්මාණයන් සදහා 23/9/2021 රාත්‍රී 12:00 දක්වා  Likes , Hearts ..මගින් මනාපයන් පලකළ හැකි අතර SL  mepa පිටුව තුල  වැඩිම ප්‍රතිචාර ලබාගන්නා 1 ,  2    ,3   සහ  තවත්  10 දෙනෙකු ජයග්‍රහකයින් ලෙස තෝරනු ඇත.
     
    • අයදුම් කරුවන් සහප්‍රතිචාර දක්වන්නන්  SLMEPA ( Marine Environment Protection Authority ) නිළ Facebook පිටුව Like කර තිබිය යුතුය 
    • නිර්මාණ වලට  අදාලව සිදුකරන comments ජයග්‍රාහකයින් තේරීම'සඳහා නොසැලකේ 
     
    • ජයග්‍රාහකයන් වෙත වටිනා තෑගි සහ සහතිකපත් පිරිනැමෙන අතර , අනෙකුත් සියලුම තරඟකරුවන් සඳහා සහභ්ගිත්වය වෙනුවෙන් සහතිකපත් පිරිනැමෙනු ඇත  
     කොන්දේසි :
     
    • මෙම තරඟය\සියලුම  ශ්‍රී ලාංකික  පුරවැසියන්  සඳහා පමණක් විවෘතයඅතර , සිංහල , දෙමල, ඉංග්‍රීසි  භෂා වලින්    නිර්මාණ ඉදිරිපත් කල හැක                                                                                                                                                   
                                                                                                                                                                                                                                                                                                                                             
    • සියලුම නිර්මාණ සමාජ මාධ්‍ය තුළ පළ කිරීමට සුදුසු තත්වයෙන් ,මාතෘකාවට අදාලව සිදුකල නිර්මාණ විය යුතුය. 
     
    • නිර්මාණයෙහි අන්තර්ගතය සහ අයිතිය  පිළිබඳ වගකීම නිර්මාණකරුවා  හෝ භාරකරු  භාර ගත යුතු අතර වෙනත් අයකුගේ නිර්මාණයක්, නිර්මානයක කොටසක් මෙම තරඟය සඳහා භාවිත කල නොහැක 
    • නිර්මාණය තුළ කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සෘජුව හෝ වක්‍රව හුවාදැක්වීම විවේචනය කිරීම ආදිය නොකළ යුතුය. 
    .නිර්මාණ සියල්ල SLmepa  Fb පිටුවෙහි  පමණක් පළ කරන අතර නිර්මාණ සමඟ පහත සඳහන් තොරතුරු නිර්මාණකරුවා විසින් එවිය යුතුය .
    1.    නම............
    2.    ජාතික හැදුනුම්පත් අංකය........
    3.    ලිපිනය..........
    4.    දුරකථන අංකය........
    5.    Whatsapp අංකය............
     පාසල් අයදුම් කරුවෙකු නම් නම, වයස, පාසල, ශ්‍රේණිය සමග භාර කරුගේ පහත සඳහන් තොරතුරු එවිය යුතුය
    තරඟයට අදාල කොන්දේසි  වෙනස් කිරීමේ අයිතිය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ( SLMEPA ) සතුය 
     විනිසුරු මඩුල්ලේ අවසන් තීරණය වේ
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya