ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ අපේක්ෂාවෙන් මෙරට තුළ ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අභිවෘද්ධිය සඳහා ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය සමග ගිවිසුම්ගතවෙමින් මූල්‍ය ප්‍රදානයක් ලබාදීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (16) දින ටොරින්ටන් ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. ඒම අවස්ථාවට ඒක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය
ඒ අනුව ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය වෙනුවෙන් එහි ලේකම් ආර්.ඒ.කේ.ජීවන්ත මහතා සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා අදාළ ගිවිසුමට අත්සන් තැබූහ.
මහේල ජයවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජාතික ක්‍රීඩා සභාව සහ උසස් දක්ෂතා කමිටුව විසින් ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ ලබාගත හැකි බවට නිර්දේශ කරමින් ප්‍රමුඛත්වය දිය යුතු බවට නිර්දේශ කළ ක්‍රීඩාවන් අතරට ජිම්නාස්ටික් ක්‍රීඩාව ද ඇතුළත්ය.
ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කරමින් ඔවුන්ව දිරි ගැන්වීමේ අරමුණ ඇතිව රුපියල් 35,998,000 /-ක මුදලක් ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය වෙත මෙම ගිවිසුමට සමගාමීව ප්රදානය කෙරිණි.
එහිදී අමාත්‍යවරයා මෙසේ ද කීය.
''ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඔලිම්පික් උළෙල සදහා ඉදිරිපත් වූවා. එහි විශේෂත්වය වුණේ ඇය ඔලිම්පික් සාධනීය මට්ටම මත සුදුසුකම් ලැබූ ක්‍රීඩිකාවක් වීමයි.
ඉදිරි වසර කිහිපය තුළ අපට පදක්කම් දිනන්න පුලුවන් ක්‍රීඩාවක් විදියට ජිම්නාස්ටික් ක්‍රීඩාව හදුන්වා දෙන්න පුලුවන් යැයි අපි විස්වාශ කරනවා.
දරුවන් කුඩා කල සිටම ජිම්නාස්ටික්, යෝගා වැනි ක්‍රීඩාවලට යොමු කිරීම මගින් අනෙක් ක්‍රීඩාවලට අවශ්‍ය දරුවන්ගේ කායික සහ මානසික ශක්තිය මේ තුළ නිර්මාණය වෙනවා.
එම නිසා ක්‍රීඩා සභාව තීරණය කර තිබෙනවා ජිම්නාස්ටික් ක්‍රීඩාවට විශේෂත්වයක් දැක්විය යුතුයි කියලා. එය ලංකාවේ ප්‍රචලිත කරන්න අවශ්‍යයි කියන කාරණය තුළ ඔවුන් ඉන්නවා.
2024 ඔලිම්පික් උළෙලට යන ගමනේ දී ලබන වසරේ පැවැත්වෙන ආසියානු තරගාවලිය, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ඉලක්ක කරගෙන ජිම්නාස්ටික් සංගමයත් එක්ක මිලියන 36 ක ගිවිසුමක් අපි අත්සන් කළා.
ඒ හරහා ජිම්නාස්ටික් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ පදක්කම් දිනන්න පුලුවන් ක්‍රීඩාවක් බවට පත් කරන්න අවශ්‍ය පසුබිම ඔවුන් නිර්මාණය කරයි කියන විස්වාශය අපි තුළ තිබෙනවා.
ජිම්නාස්ටික් පුහුණුවීම් සඳහා වෙන් කර ඇති මෙම ශාලාව මිලියන 70 ක් වෙන් කර ජාත්‍යන්තර තලයේ ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානයක් බවට නවීකරණය කරන්න අවශ්‍ය යටිතල පහසුකම් ටික හදලා දෙන්න වැඩ කටයුතු ආරම්භ කලා.
මාතර ක්‍රීඩා සංකීර්ණය ජිම්නාස්ටික් සංගමය වෙත පවරා ජිම්නාස්ටික් ක්‍රීඩාවේ ප්‍රධාන මූලස්ථානය ලෙස සංවර්ධනය කරන්න මේ වෙන කොට එම සංගමය සමග ගිවිසුම්ගත වී තිබෙනවා.
ඉදිරි කාල සීමාව තුළ ජිම්නාස්ටික් ක්‍රීඩාව ඔලිම්පික්, ආසියානු, පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි ජයග්‍රහණය කළ හැකි ක්‍රීඩාවක් බවට පත් වෙනවා වගේම, අනෙක් හැම ක්‍රීඩකයෙක්ටම තමන්ගේ ලාබාල වයසේදීම මේ ක්‍රීඩාව හරහා තමන්ගේ කායික හා මානසික ශක්තිය හදාගන්න පුලුවන් පසුබිමක් මේ තුළ නිර්මාණය වෙනවා.
ජිම්නාස්ටික් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම තුළින් අනෙක් හැම ක්රීඩාවටම හොද පදනමක් ගොඩනැගෙන බව අපි විස්වාශ කරනවා.''
සංචරණ සීමා සමග නතර වී තිබෙන ක්‍රීඩා පුහුණුවීම් හා තරගාවලි ආරම්භ කිරීමට ඇති සූදානම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ ය.
''පසුගිය කාල සීමාව තුළ පුහුණුවීම් කටයුතු සිදු කළා. ඒ සදහා විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට, කොවිඩ් කමිටුවට, අතිගරු ජනාධිපතිතුමාට ස්තූතිවන්ත විය යුතුයි.
ක්‍රීඩා කටයුතු සිදු කිරීමට, සංචිත පවත්වාගෙන යාමට අවසර ලබාදුන්නා. මේ වනවිට පා පන්දු සංචිතයේ පුහුණුවීම් ක්‍රියාත්මක වෙනවා. නොවැම්බර් මස ලංකාව තුළ ජාත්‍යන්තර පා පන්දු තරගාවලියක් පවත්වන්න කටයුතු සැළසුම් කර තිබෙනවා.
මළල ක්‍රීඩා ඇතුලු අනෙකුත් සියලු ම ක්‍රීඩා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. මට තිබෙන ලොකුම අභියෝගය තමයි පාසල් ක්‍රීඩා මට්ටම.
පාසල් වසා දැමීම හා පාසල් දරුවෝ නොපැමිණීම නිසා පාසල් ක්‍රීඩාව අඩපණ වී තිබෙනවා. පාසල් ක්‍රීඩාව අඩපණ වීම තුළ 2024, 2028, 2032 වසරවල ඉලක්කයන් අපිට විශාල අභියෝගයක් බවට පත්වෙනවා.
මා අධ්‍යාපන අමාත්‍යතුමා සමග සාකච්ඡා කළා. ඉදිරි කාලයේ පාසල් විවෘත කරනවා වගේම අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් ක්‍රීඩා පාසල් වල ක්‍රීඩා කරන දරුවෝ ටිකවත් පාසල් වලට ගෙනැල්ලා විශේෂ සෞඛ්යාරක්ෂිත බබල් එකක් යටතේ නේවාසිකව පුහුණුවීම් කටයුතු ආරම්භ කරන්න.
රාජ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් වෙන් කර ක්‍රීඩා පාසල්වල සංවර්ධන කටයුතු හා අවශ්‍ය යටිතල පහසුකම් හදලා තිබෙනවා.''
ලසිත් මාලිංග ක්‍රීඩකයා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගැනීම සම්බන්ධව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ
‘‘මීළඟ ලෝක කුසලනය සදහා මාලිංග ක්‍රීඩකයා සෙල්ලම් කළා නම් මාත් සතුටු වෙනවා, මමත් පෞද්ගලිකව ආසා කරන ක්‍රීඩකයෙක්, මගේ පියාත් ආසා කරන ක්‍රීඩකයෙක්, ඒ වගේම මේ රටට විශාල කීර්තියක් ගෙනාපු ක්‍රීඩකයෙක්.
මම හිතන්නේ ක්‍රිකට් තේරීම් කමිටුවට යම් වෙනස් අදහසක් තිබෙන්න ඇති. අපි බලන්න ඕනේ අනාගතය දිහා. අනාගතය දිහා බලනකොට, අපි ගන්න ඕනේ තීන්දු තීරණ හරහා අනාගත ජයග්‍රහණ කරා යොමු කරන්න අවශ්‍ය පසුබිම අපි නිර්මාණය කරන්න ඕනේ. එහෙම තීන්දුවක් ගන්න ඇති කියලා මම විස්වාශ කරනවා.
වෙනදා වගේ ඇමතිවරයා මැදිහත් වෙලා කණ්ඩායම් තෝරන්නෙ නැහැ දැන්. අපි දැක්කා ඉතිහාසයේ ඇමතිවරු මැදිහත් වෙලා තමයි කණ්ඩායම් තේරුවේ. ඒකේ ප්‍රතිඵල අපි දැක්කා. අවුරුදු 7 ක් 8 ක් එක තරගයක්වත් ජයග්‍රහණය කර ගන්න බැරි තැනට අපි ආවා.
අද අපි සම්පූර්ණ නිදහස දීලා තිබෙනවා ක්‍රිකට් තේරීම් කමිටුවට තමන්ගේ රාජකාරිය ඉටු කරන්න. ඒ වගේම නවක ක්‍රීඩකයින්ට අවස්ථාව දෙන්න. මාලිංග ක්‍රීඩකයාගේ ප්‍රකාශය බැලුවත් ඔහු සතුටු වෙනවා නවක ක්‍රීඩකයින්ට අවස්ථාව දීම පිළිබදව.
ඉදිරියේදී ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් නවක ක්‍රීඩකයින්ට තමන්ගේ අත්දැකීම් බෙදාදෙන්න පුලුවන් පරිසරය නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක අපි බලමු යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ, ජාතික ක්‍රීඩා සභාවේ සහ ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයේ නිලධාරී මහත්ම මහත්මීහු පිරිසක් සහභාගි වූහ.