පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අපේ සෞඛ්‍ය සේවාව කොවිඩ් අභියෝගය අභියෝගයක් ලෙස භාර ගත්තා - සෞඛ්‍ය ඇමති

    සැප්තැම්බර් 19, 2021

    ඇතැම් රටවල වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් මර්දන ක්‍රියාවයන් මගහැර කටයුතු කරද්දී අපේ රටේ ඉහළ සිට පහළ දක්වා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෑම අයෙක්ම කොවිඩ් අභියෝගය අභියෝගයක් ලෙසින් භාර ගෙන ඒ වෙනුවෙන් උපරිම කැපකිරීම් කළ බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

    වගකීමකට එහා ගිය යුතුකමක් ලෙසින් මේ වෙනුවෙන් කැපවුණු අපේ රටේ පිරිස් සමස්ත ලෝකයටම ආදර්ශයක් ගෙන දුන් බව අමාත්‍යවරයා කීය. මහනුවර ජාතික රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ ඉදි කිරීම් සඳහා මහනුවර මුස්ලිම් ප්‍රජාව මගින් රුපියල් ලක්ෂ 25 ක මුදලක් පරිත්‍යාග කෙරුණු අවස්ථාවේ අමාත්‍යවරයා මේ බව කීය.

    විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු ඒකකයේදී මෙම පරිත්‍යාගය මහනුවර ජාතික රෝහල වෙත පිරිනැමිණි. මහනුවර ජාතික රෝහලේ තාවකාලිකව ඉදිකෙරෙන කොවිඩ් ප්‍රතිකාර ඒකකය රෝගී ඇඳන් 125 කින් යුක්තය. එහි ඇඳන් 80 ක් සඳහා ඔක්සිජන් සැපයීම සිදු කෙරෙන අතර එහි අධි සත්කාර ඒකකයක්ද ඉදි කිරීමට නියමිතය.

    ඇති වු ව්‍යසනය මධ්‍යයේ විවිධ ක්ෂේත්‍රවල පිරිස් හැකි උපරිම ලෙස මේ වෙනුවෙන් බොහෝ පරිත්‍යාග කළ බවද එය කොවිඩ් පාලනයට දැවැන්ත ශක්තියක් බවද අමාත්‍යවරයා මෙහිදී කීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහනුවර මහ පල්ලියේ සභාපති අෆ්සර් මරික්කාර් , මහනුවර ප්‍රධාන මෞලවි ෆස්රුන් මෞලවි සහ උමර්දිව් මෞලවි යන අයද සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya