පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ආදේශක සෞඛ්‍ය සහයකයින් 1391ක් ස්ථිර සේවයට

    සැප්තැම්බර් 19, 2021

    ආදේශක සෞඛ්‍ය කාර්ය සහයකයින් 1391 දෙනෙකු ස්ථිර සේවයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    අමාත්‍ය මණ්ඩල අනුමැතිය අනුව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙම පත්වීම් ලබා දීම සිදු වේ. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් (17) එම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය. ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමයේ පිරිසක් සමඟ මෙම සාකච්ඡාව පැවැත්විණි.

    මේ වන විට මෙරට සෞඛ්‍ය සේවාවේ ලක්ෂ එක හමාරකට අධික සෞඛ්‍ය වෘත්තිකයින් ප්‍රමාණයක් සිටින අතර ඉන් 22000 ට ආසන්නව සෞඛ්‍ය කාර්ය සහයකයින් පිරිසක් සිටී.

    ගෝලීය ව්‍යසනය මධ්‍යයේ මෙරට සෞඛ්‍ය සේවාවේ සෑම තරාතිරමකම අයගෙන් සිදුවන සේවාව අති විශාල බවත් එනිසා රටෙහි සියලු පුරවැසියන්ගේ ප්‍රණාමය ඔවුනට හිමි වන බවත් අමාත්‍යවරයා මෙහිදී කීය. විශේෂයෙන් මුදල් අමාත්‍යාංශය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යන් සඳහා ඕනෑම මොහොතක අවශ්‍ය සෑම මුදලක්ම ලබා දීමට පියවර ගැනෙන බවද ඒ මහතා මෙහිදී පැවසීය.

    සෞඛ්‍ය සේවාවේ ඒ ඒ වෘත්තීය කණ්ඩායම්හි පවතින යම් ගැටලු ඇත්නම් ඒවා පිලිබඳව සොයා බලා එම ගැටලු විසඳීමට අවධානය යොමු කරන බවද හෙතෙම කීය. මේ අතර ආදේක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා වන ස්ථිර පත්වීම් ඉදිරි දිනවලදී සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya