කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය වඩාත් ශක්තිමත් කරමින් සෞඛ්‍ය අංශ විසින් සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන වඩාත් කාර්යක්‍ෂමව සහ ක්‍රමවත්ව සිදුකිරීම සදහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භටපිරිස් (සැප්තැම්බර් 19) දින ද එන්නත්කරණ වැඩසටහන් සඳහා තම දායකත්වය ලබා දුන්හ.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කල ඉල්ලීමකට අනූව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භටපිරිස් විසින් මේ සදහා දායකත්වය ලබා දෙති.
අද (සැප්තැම්බර් 19) දින පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ ක්‍රියාත්මක වන එන්නත්කරණ මධ්‍යස්ථානයේදි වසය අවුරුදු 20 ට වැඩි අයවලුන් සඳහා මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.
නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පිහිටි එන්නතකරණ වැඩසටහන
කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ එන්නතකරණ වැඩසටහන් වඩාත් කාර්‍යක්ෂමව සිදුකිරීම සදහා බස්නාහිර පලාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන් කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෝහල් වෙතින් (සැප්තැම්බර් 19) දින එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී .
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් ප්‍රකාරව, කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ මගපෙන්වීම යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය සහ අනෙකුත් යුද්ධ හමුදා භට පිරිස් විසින් එන්නතකරණ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.
අද (සැප්තැම්බර් 19) දින නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේදී පිහිටි එන්නතකරණ මධ්‍යස්ථානයේදී තම අධ්‍යයන කටයුතු සඳහා සහ විදේශ රැකියා වෙනුවෙන් විදෙස් ගතවීමට බලාපොරොත්තුවෙන් ලියාපදිංචි වූ පිරිස් සඳහාත්, වයස අවුරුදු 20 ට වැඩි පුද්ගලයින් සඳහා මෙම එන්නතකරණ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.