අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දුන්නේ, (19) zoom තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවකදීය.
තමන් මේ දිනවල දිවයිනේ මාර්ග සංවර්ධන පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවන්වල නියැලුණ බවත් සමහර ස්ථානවල නිසි ආකාරයට අනතුරුදායක ස්ථාන පිළිබඳ විධිමත් ලෙස අනතුරු හැඟවීමේ සංඥා සවි කර නොමැති බවත් ,වේග පාලන ගැටි ඉදිකර නොමැති බවත් අමාත්‍යවරයා විසින් පෙන්වා දෙන ලදී.
තවද දැවැන්ත සංවර්ධනය වගේම ප්‍රමුඛතාවය ලබාදිය යුත්තේ මහජන ආරක්ෂාව සඳහා බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලුම ඉංජිනේරුවන්,සියලුම මාර්ග සංවර්ධනයට අදාළ වන පාර්ශව හා කොන්ත්‍රාත්කරුවන් වහාම දැනුවත් කරන ලෙස අමාත්‍යවරයා අවධාරණය කරන ලදී .