නව පත් කිරීමට අදාළ පත් වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අද (21) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මිලින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දෙන ලදී.
මේ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා,ඇතුළු නිලධාරිහු පිරිසක් එක් වූහ.
මිලින්ද රාජපක්ෂ මහතා, වයඹ විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණය පිළිබඳ ප්‍රථම උපාධියත්,ඇමෙරිකා එක්සත් ජනපදයේ Miami විශ්වවිද්‍යාලයෙන් සංවර්ධන මාධ්‍ය පිළිබඳ පශ්චාත් උපාධිය හිමිකර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආසියානු පැසිෆික් කලාපයේ ප්‍රතිපත්ති විශ්ලේෂකයෙකු ලෙසත්, ජාත්‍යන්තර මාපියභාවය පිළිබඳ සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ තරුණ අංශයේ ප්‍රධානී ලෙස සේවය කොට තිබේ. වසර 2011 සිට ජාතික තරුණ සේවා අධිකාරියේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ ලෙසත්, ලෝක තරුණ සමුළුවේ, ජාත්‍යන්තර සූදානම් කිරීමේ කමිටුවේ සම සභාපතිවරයා ලෙසත් කටයුතු කර ඇති මිලින්ද රාජපක්ෂ මහතා, සන්නිවේදන උපක්‍රම පිළිබඳව දේශීය හා විදේශීය සමාගම් රැසක උපදේශක ලෙස කටයුතු කරයි.