කොටුව දුම්රිය ස්ථාන පරිශ්‍රයේ ඉදිකරන ලද රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවට අයත් Q-Shop අලෙවිසැළෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
තවද එම ආනයනකරුවන් දෛනිව සිය නිෂ්පාදනයන් පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කළ යුතු බවද අමාත්‍යවරයා කියා සිටියේය. ලෝක වෙළදපොළේ මිල වැඩිවීමත් සමග සිමෙන්ති සඳහා යම් ආකාරයක මිල වැඩිවීමකට යාමට සිදු වන බව අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ ආනයනකරුවන් අතර හමුවක් පසුගියදා පැවති අතර ආනයනකරුවන් කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 350කින් ඉහළ දැමිමට ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.මුදල් අමාත්‍යවරයා සමග පැවති දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව රුපියල් 200කින් මිල වැඩි කිරීමට ඔවුන් එකඟතාවය පළ කර තිබේ.
මෙම මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් දේශීය දියර කිරි සමාගම් අදහස් පළ කළ අතර මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා පවසා සිටියේ, මේ වන විට රටේ පවතින තත්වය සැළකිල්ලට ගනිමින් දේශීය දියරකිරි සපයන ආයතන කිරිපිටි මිල වැඩි කරන ලෙස රජයෙන් ඉල්ලීමක් නොකළ බවත් යම් පාඩුවක් සිදු වුවත් එය මිල්කෝ සමාගම දරාගනිමින් කටයුතු කළ බවත්ය.
තවද මිල්කෝ සමාගමේ දීර්ඝකාලීන ප්‍රතිපත්තිය වන්නේ දියර කිරි පරිභෝජනය ඉහළ නැංවීම වන බව පවසන ඒ මහතා දියර කිරිවලට වැඩිමිලක් ගෙවීමට පාරිභෝගිකයාට සිදුවන බවට වන මතයක් සමාජගතවී ඇති බවත් එහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් අවධාරණය කළේය. දියර කිරී ලීටර් 2 1/2 ක් රුපියල් 500ක් වැනි මුදලකට ලබා ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.