කෝප් කාරක සභාවේ සාමාජිකයන් වන අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර දිසානායක, පාඨලි චම්පික
රණවක, රවුෆ් හකීම්, ජගත් පුෂ්පකුමාර, නලින් බණ්ඩාර, එස්.එම් මරික්කාර්, මධුර විතානගේ සහ එස් .රාසමානික්කම් යන මහත්වරු ද විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පවතින කොවිඩ් තත්ත්වය තුළ පසුගිය කාලයේ කෝප් කාරක සභා රැස්වීම් පැවැත්වීමට නොහැකි වූ බැවින් ඉදිරි පාර්ලිමේන්තු සතියේ සිට නැවතත් සතියට දින 03 ක් බැගින් කාරක සභා රැස්වීම් පැවැත්වීම පිළිබදව කමිටු සභාපතිවරයා මෙහිදී අවධානය යොමු කළේය.
එසේම 09 වන පාර්ලිමේන්තුවේ 2 වැනි කෝප් කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබදව කමිටුවේ අවධානය මෙහිදී යොමුවිය. මේ අනුව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සම්බන්ධ වාර්තාව මත පදනම්වූ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට කථානායකතුමාට කරන ලද ඉල්ලීමට අනුව එය කඩිනමින් පැවැත්වීමේ අවශ්‍යතාවද සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. ඒ අනුව මීලග පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවට ඒ පිළිබද කරුණු ඉදිරිපත් කිරීමට මෙහිදී තීරණය විය.
තවද වර්තමානයේ සාකච්ඡාවට ගැනෙන ප්‍රධාන ගැටලු සහ ඊට අදාළ ආයතන රැසක් පිළිබදවද මන්ත්‍රීවරු සිය අදහස් ඉදිරිපත් කළහ. ඒ අතරින් ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලිට්‍රෝ ගෑස් ආයතනය ආදී ආයතනවල ඇතැම් ගැටලුකාරී තත්ත්වයන් පිළිබද මෙහිදී සාකච්ඡා විය. එම ගැටලු පිළිබද ඉදිරි කෝප් රැස්වීම්වලදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී පැවසීය.