රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( සැප්තැම්බර් 22 දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ පිළිබඳව මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මේ පිළිබදව පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, බන්ධනාගාර ගතවූවන් ඇතුලු 23 දෙනෙකුගෙන් මේ වන විටත් කටඋත්තර ලබාගෙන ඇති බවත්, අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට විශ්‍රාම ලත් විනිසුරුවරයකුගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා විසින් කැබිනට් මණ්ඩල හමුවේදී ඉල්ලා සිටි බවත්, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් රජය සුදුසු තීරණයක් ගනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් රජය සිය නීතිමය කටයුතු මෙන්ම පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද යම් විනය ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවත්, සියලු වාර්තා තමන්ට ලැබෙනතුරු යමක් කියන්නට ඉක්මන් නොවන බවත්, ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.