රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ අද ( සැප්තැම්බර් 22 දා) පැවති කැබිනට් ප්‍රකාශ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කෙරවළපිටිය බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා ඉදිරියේ දී පාර්ලිමේන්තුවේදී සත්‍ය තත්ත්වය හෙළිකරනු ඇති බවත්, රජය නියෝජනය කරන පාර්ශවද අගමැතිවරයා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත්, කෙසේ වෙතත් කිසිඳු සමාගමකට පැවරීමට අවසන් එකඟතාවයකට පැමිණ නැති බවත්, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.