ඒ මහතා මේ බව කියා සිටියේ, අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මධ්‍යවෙදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙනි.
මීට පෙර එක්තරා ගෑස් සමාගමක් විසින් ගෑස් මිල ඉහළ දැමීමට රජයෙන් ඉල්ලීම් කොට එය එසේ නොවුණ තැන පාරිභෝගික ජනතාව විශාල ලෙස අපහසුතාවයකට පත් වූ බවත් කියා සිටි අමාත්‍යවරයා, මේ අවස්ථාවේ දී රජය මුහුණ දෙන ගැටලුව වන්නේ සැපයුම් කරුවන් අදාළ මිල ගණන් වලට සැපයුම් නොකිරීම සහ එමඟින් පාරිභෝගිකයා ද අපහසුතාවයට පත් වීම බවත් පාරිභෝගිකයා සහ සැපයුම්කරුවා යන දෙපාර්ශ්වයම ආරක්ෂා කරගැනීම සඳහා මධ්‍යස්ථ තීන්දුවක් ගැනීමට රජය කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කළේය.