පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    අහිතකර කිසිඳු ක්ෂුද්‍ර ජීවියෙකු හෝ බැක්ටීරියාවක් සහිත පොහොර ද්‍රව්‍යක් රටට ආනයනය කර මුදාහැරීමට කටයුතු කරන්නේ නැහැ - අමාත්‍ය රමේෂ් පතිරණ

    සැප්තැම්බර් 22, 2021

    අහිතකර කිසිඳු ක්ෂුද්‍ර ජීවියෙකු හෝ බැක්ටීරියාවක් සහිත පොහොර ද්‍රව්‍යක් රටට ආනයනය කර මුදා නොහරින බවට ඉතාම වගකීමෙන් ප්‍රකාශ කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

    රජයේ ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කරන විට පොහොර සැපයුම්කරුවන් ඇතුළු විවිධ භාණ්ඩ සැපයුම් කරුවන් විසින් සාම්පල් ලබා ගැනීම සම්ප්‍රදායක් වශයෙන් කරන කටයුත්තක් වන බවත්, ටෙන්ඩරයට පෙරාතුව මෙන්ම රටට එම භාණ්ඩ ගෙන ඒමේ දී ද පිළිගත් දීර්ඝ කාලීන ක්‍රමවේදයක් වශයෙන් අහඹු ලෙස සාම්පල් පරීක්ෂාවන් සිදු කරනු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

    ඒ අනුව, අදාළ සාම්පල නැවත ලබාගෙන එම පොහොර තත්ත්වයෙන් ඉහළ, ගුණාත්මක බවින් වැඩි පොහොර බවට නිර්දේශ ලබා ගන්නා අතරම එම පොහොර රටට සැපයුම් කළ පසු ද සාම්පල් ලබාගෙන නිසි ප්‍රමිතීන්ට අනුගතව සැපයුම් කර තිබෙන බවට නිර්දේශ ලබා ගැනීම රජයේ යුතුකම වන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

    එහෙත් චීනයෙන් ආනයනය කරන ලද පොහොර වල එක් සාම්පලයක මෙරටට අහිතකර බැක්ටීරියා තිබීම සෑම දෙනකුම දන්නා කාරණයක් වන නමුත් සාම්පලයක් හොඳ තත්ත්වයේ තිබීමත්, අනිත් සාම්පලය හොඳින් සීල් කර නොතිබි ඇති අතර එම සාම්පලයේ මෙම අහිතකර බැක්ටීරියාව ඇතුළත් වී තිබීම පිළිබඳව රජය දැඩි සැළකිල්ලෙන් පසුවෙන බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කිරීම සඳහා දැනටමත් කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ඉල්ලීමක් ද සිදු කොට ඇතැයි මෙහි දී රමේෂ් පතිරණ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya