පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෙරටට ආනයනය කරන වැඩිම වටිනාකමක් සහිත ඖෂධ ආනයනය කිරීමේ හිමිකාරිත්වය තිබුණේ ප්‍රධාන සමාගම් පහකට පමණක් බවත් වත්මන් රජය බලයට පැමිණි පසු එම සමාගම් ලියාපදිංචි කිරීමට කටයුතු කළ බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
2015 වසරේ පිහිට වූ ඖෂධ නියාමන අධිකාරි පනත මගින් මෙම ඖෂධ මාෆියාවට මග පෑදුණු බවද පැවසිය. ඖෂධ නියාමන අධිකාරියයේ දුර්වලතා රැසක් පවතින බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී යාමට හේතු වූයේද මෙම ආයතනයේ පවතින අඩුපාඩු බවද පෙන්වා දුන්නේය.
පිළිකා ඖෂධ ආනයනය කිරීමේදී රුපියල් බිලියන 15කට වඩා වැඩි අලාභයක් සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් සිදුකරන අභ්‍යන්තර විගණන පරීක්ෂණ මගින් හෙළි වී ඇති බවද කීය. බුලත්සිංහල ප්‍රදේශයේ රුපියල් මිලියන 90ක මුදලකට ගොඩනැගිල්ලක්, ඖෂධ සංස්ථාව මගින් මිලදී ගත් බවත් තවත් රුපියල් මිලියන 40ක් ගෙවා එම ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට කටයුතු කර ඇති බවද මේ සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය. පසුගිය රජය මෙලෙස බිලියන ගණනක් මුදල් රජයට පාඩු කර ඇතැයිද කීය.