මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා නැගෙනහිර පළාතේ වැලි රැගෙන ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් රාසමාණික්‍යම් මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පරිසර අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එක්තරා පෞද්ගලික සමාගමක් ජල පෙරහන් සඳහා වැලි කියුබ් අටක් පසුගිය කාලයේ දී මාලදිවයිනට රැගෙන ගොස් ඇතැයි තමාට තොරතුරු දැනගන්නට ලැබුණු බවත් ඒම වැලි නැගෙනහිර පළාතෙහි වැලි නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඒ් අනුව එවැනි කටයුත්තක් සඳහා අපේ රටේ කිසිම ස්ථානයකින් වැලි රැගෙන ගොස් නැතැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.