ඔහු මේ බව පැවසුවේ (22) රජයේ නිල පුවත් වෙබ් අඩවිය මේ සම්බන්ධව සිදුකළ විමසීමකදී අදහස් දක්වමිනි.
මේ වන විට ඒම වැඩසටහන සදහා රජය විසින් අවශ්‍ය කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාගෙන නිෂ්පාදන කටයුතු අරඹා ඇතැයිද, ප්‍රථමයෙන්ම ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් නිෂ්පාදන කටයුතු රාශියක් සිදුකරන බවද අමාත්‍යවරයා සදහන් කළේය.
ඒම මංජුසාව තුළ විශේෂයෙන් ආයුර්වේදයේ අනුමත, ආයුර්වේද රෝහල් වල දැනට ක්‍රියාත්මක වන ප්‍රතිකාර සදහා භාවිතා කරන ගුඩුච්ඡාදී චූර්ණය, සුවධරණී ප්‍රතිශක්තිකරණ පානය සහ ප්‍රතිශක්තීකරණ කැද වර්ග සමන්විත වන බවද, ප්‍රථමයෙන්ම රෝග ව්‍යාප්තිය බහුලව සිදුවූ ප්‍රදේශ ඉලක්ක කරගෙන මෙම මංජුසාව බෙදාදීමේ කටයුතු සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.