පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    විශේෂඥ කමිටුවේ නිර්දේශ අනූව පාසල් ආරම්භ කිරීම තීරණය කරනවා- විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසිංහ

    සැප්තැම්බර් 23, 2021

    එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධ විශේෂඥ කමිටුවේ නිර්දේශ අනූව පාසල් ආරම්භ කිරීම පිළිබද තීරණය කරන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසිංහ මහතා පැවසීය.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව පැවසුවේය.

    පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් ලෝකයේ තවමත් නිශ්චිත තීන්දුවක් නොමැති බවද, ලොව ඇතැම් රටවල් එන්නත්කරණයට පසු පාසල් විවෘත කර ඇතැයිද, සමහර රටවල්
    එන්නත්කරණයට පෙර පාසල් අරඹා ඇතැයි ද සිහිපත් කළ ප්‍රසන්න ගුණසිංහ මහතා, ශ්‍රී ලංකාවේ එන්නත්කරණය සහ වසංගතය සම්බන්ධ විශේෂඥ කමිටුවේ නිර්දේශ මත ආරම්භ කළ හැකි පාසල් ඇරඹීමටත් එන්නත්කරණයෙන් පසු ඇරඹිය හැකි පාසල් එන්නත්කරණයෙන් පසු ඇරඹීමටත් බලාපොරොත්තු වන බව පැවසුවේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya