වයස අවුරුදු 12ත් 19ත් අතර නිදන්ගත රෝගාබාධ සහිත ළමුන්ට 24 (අද ) සිට ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු කරන බව යුධහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවේය.
අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් සහ කොළඹින් අරඹා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක වලට ලබාදීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබාදී ඇතැයිද, ඒ් අනූව සායන වලට සම්බන්ධ වන වයස අවුරුදු 12ත් 19ත් අතර දූ දරුවන්ට එන්නත්කරණය ඇරඹීමට කටයුතු සම්පාදනය කර ඇතැයිද යුධහමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.