ගාල්ල නගරය හා ඒ අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මේ වන විට පාලම් 02ක් ඉදිකිරිමට සහ මාර්ග 08ක් පුළුල් කොට සංවර්ධනය කිරීමට හඳුනාගෙන ඇති බවත් එම මාර්ග සංවර්ධනය වෙනුවෙන් මූලික සැලසුම් මේ වන විට සකස් කර අවසන් බවත් අමාත්‍යවරයා කීය.
ඒ අනුව ඉත්තෑපාන සහ මාදුගඟ හරහා පාලම් 02ක් ඉදිකිරිම, කොළඹ ගාලු පාර අධිවේගී මාර්ග පිවිසුමේ සිට මුහුදු මාර්ගය දක්වා මංතීරූ 04කට පුළුල් කිරිම, දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුවේ සිට කරාපිටිය ශික්ෂණ රෝහල දක්වා නව මාර්ගයක් තැනීම, ගාල්ල බද්දේගම මාර්ගය හිරිබුර දක්වා පුළුල් කිරීම, ගාල්ල නගරයේ ප්‍රධාන වීදිය සංවර්ධනය කිරීම, ගාල්ල වක්වැල්ල මාර්ගය මංතීරූ 04කට පුළුල් කිරීම, රිච්මන්ඩ් හිල් පාර කරාපිටිය දක්වා පුළුල් කර සංවර්ධනය කිරීම, හිරිබුර හංදියේ සිට කරාපිටිය රෝහල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම, පින්නදූව සිට ගාලු පාර දක්වා ඇති මාර්ගයට සමාන්තරව නව සේවා මාර්ගයක් ඉදිකිරිම යනාදිය සිදු කිරීමට නියමිතයි .
මීට සමගාමීව මෙම සියළුම මාර්ග පද්ධති වලට අදාල මාර්ග සංඥා පුවරු, ආලෝක සංඥා පද්ධතීන්, වටරවුම් යනාදියද සංවර්ධනය කිරිමට යෝජිතයි.