රටක් ලෙස අභියෝග හමුවේ නැගී සිට ජයගත් ඉතිහාසයක් හිමි අපට කොරෝන පරදා සංචාරක ව්‍යාපාරය නගා සිටුවීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
නිදහසට කරුණු නොසොයා නිවැරදි ප්‍රතිපත්තිමය තීරණ වලට එලැබෙමින් සංචාරක කර්මාන්තය ගොඩනැගෙමින් පවතින බව ද අමාත්‍යවරයා පැවසීය.
කටුනායක ගුවන්තොටුපල පී.සී.ආර් පරීක්ෂණාගාරය විවෘත කිරීමේ අවස්ථාවට අද (23) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේය. එළැඹෙන සෙනසුරාදා සිට මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා මෙම පරීක්ෂණාගාරයේ දී පී.සී.ආර් පරීක්ෂණ සිදු කෙරේ.
පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි. මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරේ.
ඒ අනුව කටුනායක 18 කනුව ප්‍රදේශයේ පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකිය.
මෙවැනි උසස් තත්වයේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් ආසියානු රටක ගුවන්තොටුපලක් ආශ්‍රිතව ඉදි කෙරුණු පළමු අවස්ථාව මෙයයි. පෞද්ගලික සමාගමක් මෙහි ආයෝජනය කර තිබුනත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමටයි. වසර දෙකක කළමණාකරන ගිවිසුමක් යටතේ පරික්ෂණාගාරය ක්‍රියාත්මක වේ. මේ පරීක්ෂණාගාරය සංචාරකයින්ගේ පී.සී.ආර් පරීක්ෂණ සදහ ඩොලර් 40 ක මුදලක් අය කරනු ලබයි.
එහිද වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. ප්‍රබල අභියෝගයකට පිළිතුරු සපයමින් ඊට විසඳුමක් ලබාදීම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහ ට මගේ යුතුකමක් හා වගකීමක්. විවිධ චෝදනා මධ්‍යයේ සංචාරක කර්මාන්තය නංවන්න අවශ්‍ය විසඳුම් ලබා දී තිබෙනවා. ඉතිහාසෙ 1918 වගේ කාලයේදී මෙවගේ තත්වයක් ලෝකය වාර්තා වෙලා තියෙනවා අපේ ඉතිහාසයත් ඒ වගේ තමයි. 1948 නිදහසෙන් පස්සේ මේ රටේ රාජ්‍ය නායකයන් ඝාතනය වුණා. 1971 දකුණේ මහා ව්‍යසනයක් සිදුවුණා. 1983 කළු ජූලිය නිසා ලෝකයේ
ඉදිරියේ අපි හෑල්ලුවට ලක් වුණා.1988 නැවත වරක් මහා ඛේදවාචකයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. 2004 සුනාමි ඛේදවාචකය නිසා ජීවිත අහිමිවුණා. ඒ සෑම අභියෝගයක දීම ඒ අභියෝග වලට ඍජුව මුහුණ දීලා අවසානයේ ජයග්‍රහණය කරන්න අපට හැකියාව ලැබුණා. අද කොවිඩ් 19 වසංගතය අපි නොසිතූ විදිහට මුළු ලෝකයම වෙලා ගත්ත තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් කිව්වේ විසඳුම් නැති අවාසනාවන්ත තත්ත්වයකට ලෝකය පත්වෙලා තියෙනවා කියන එකයි. නමුත් ලෝකය ඉතාමත් සාර්ථකව මේ අභියෝගයට මුහුණ දීලා තියෙනවා. 70% කට වඩා ජනතාවකට එන්නත ලබා දීලා බූස්ටර් එන්නතත් ලබාදෙන්න කටයුතු කරපු ඊශ්‍රායලය අද සාර්ථකව ජයග්‍රහණය කරලා තියෙනවා.
එවැනි පසුබිමක් තුළ අපි මේ කටයුත්තට අවතීරණ වෙලා තියෙනවා. නොනවතින අභියෝග වැලකට අපි මුහුණ දුන්නා. විකල්ප තියෙනවා නම් හොඳයි නමුත් අපට විකල්ප නැහැ. ඒ නිසා අපි අභියෝග භාර ගනිමින් ඒ අභියෝගය ටත් අවස්ථාවක් ලබා දෙන්න ඕන. සංචාරක ව්‍යාපාරය අපේ ආර්ථිකයේ ප්‍රධානතම සාධකයයි. අපි පුංචි ආර්ථිකයක් තිබෙන රටක්. පුංචි ආර්ථිකයක් තියෙන රටක ප්‍රධානතම ආර්ථික රැක ගැනීම සහ වර්ධනය කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. ඒ නිසා මේක අපට නිදහසට කරුණු කියන්න අවස්ථාවක් නෙවෙයි. නිදහසට කරුණු හොයනවනම් ඕනෑම දේකට නිදහසට කරුණු කියන්න පුළුවන්. නිදහසට කරුණු දෙනවා වෙනුවට ඒකට ප්‍රතික්‍රියා කරන්න අවකාශයන් තිබෙනවා. අද මේ වැඩපිළිවෙළේ අපි දකින දේ තමයි නිදහසට කරුණු හොය හොය ඉන්නෙ නැතුව අභියෝගයේ තත්ත්වය තේරුම් අරගෙන බොහොම නිවැරදි ප්‍රතිපත්තිමය තීන්දු තුළ මේ තත්ත්වයට විසඳුම් සෙවීම. පසුගිය කාල පරිච්ඡේදය තුළ විවිධ චෝදනා යෝජනා විවේචන බොහෝ තිබුණා.
ඒ බොහෝ චෝදනා යෝජනා විවේචන තිබුණත් සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ උත්සාහය අතඅරින්නේ නැහැ.
සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා
අපි සියලු දෙනා එකතු වුණොත් අපිට සංචාරක ඉලක්ක සපුරා ගන්න පුළුවන්. රටට විදේශ විනිමය ගෙනෙන ප්‍රධාන අමාත්‍යාංශ තුනක් තියෙනවා. සංචාරක අමාත්‍යාංශය එයින් එකක්. කොවිඩ් වසංගතයක් එක්ක සංචාරකයන් මෙරටට පැමිණෙනවා නම් අනෙක් රටවල් ක්‍රියාත්මක වෙන ආකාරය අවබෝධ කරගෙන තරඟකාරීත්වයෙන් කටයුතු කරන්න වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කෙටි කාලයක් තුළ සංචාරක මාර්ගෝපදේශ පිළිබඳ සැලකිලිමත් වෙමින් සංචාරක අමාත්‍යාංශයට ලබාදුන් සහය අපි අගය කරනවා.
සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පහුගිය කාලේ මාධ්‍ය තුළ නොයෙකුත් සටහන් අපි දැක්කා.එහි ප්‍රතිඵලයක් විදියට තමයි පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ වෛද්‍ය වාර්තාවක් ලබා දිය හැකි පර්යේෂණාගාරයක් කටුනායක ගුවන් තොටුපොළ තුළ ඉදි කෙරෙන්නේ. පහුගිය මාස එක හමාරක කාලය තුළ මේ පර්යේෂණාගාරය ඉදිවෙන අතරේ මාධ්‍ය තුළ නොයෙකුත් විවේචනය කිරීම් සිදුවුණා. වසංගතය ආරම්භයේ දී වයිරසය හැසිරීම පිළිබඳ අපි දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ලොකුවට නීති දාලා රට අගුලු දාලා ජනතාව සුරක්ෂිත කරන්න සෞඛ්‍ය ආරක්ෂණ විදිවිදාන යොදන්න රජයක් විදිහට පියවර ගත්තා. ජනාධිපතිතුමාට අවශ්‍ය වුණේ රටේ සියලු දෙනා එන්නත් කරන්නයි. අද ඒ වැඩපිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යාංශය සාර්ථකව කරගෙන යනවා. ඒ තත්ත්වය තුළයි සෞඛ්‍ය ආරක්ෂණ විධාන යටතේ සංචාරකයින් ලංකාවට ගෙන්වන වැඩපිළිවෙළ සකස් වෙන්නේ. විදේශීය රටකට යනකොට ලංකාවේදී අපේ පී.සී.ආර් රිපෝට් එකක් ගත්තම විදේශීය රටවලදි බාධාවක් ඇති වෙන්නේ නෑ. ඒ අත්දැකීම කියන සංචාරකයෝ අපේ රටට ආවම මුහුණ දෙන ගැටලු පිළිබඳව කියනවා. ගුවන් තොටුපලෙන් බැහැලා පී.සී.ආර් ගන්න ඕනේ.
හෝටලයට ගිහින් දවසක් ගත කරන්න ඕන. ප්‍රතිඵලය ලැබෙන කල් හෝටලයෙන් එළියට යන්න බැරි තත්ත්වයක් තමයි තිබුණේ. දැන් ඒ තත්ත්වය වෙනස් වෙනවා.මෙතනට එන සංචාරකයාට පැය තුනක් ඇතුලත රිපෝට් එක දුන්නම සම්පූර්ණ එන්නත් එන්නත්කරණය වුණු සංචාරකයකුට සමාජගත වීමේ හැකියාව ලැබෙනවා. සම්පූර්ණ එන්නත්
නොකරපු සංචාරකයන්ට දින දාහතරක් හෝටලයක ඉන්න ඕනේ.
සංචාරකයින් මෙතැනට ඇවිත් නෙගෙටිව් කියන රිපෝට් එකක් එක තමයි හෝටලයට යන්න ලැබෙන්නේ. තව දින කීපයකින් මෙරටට පැමිණෙන සංචාරකයන්ට මෙතනින් පැය තුනක් ඇතුලත රිපෝට් එක ලබාගන්න පුළුවන්. නෙගෙටිව් රිපොර්ට් එකක් ලැබුණොත් ඔවුන්ට කිසිදු අපහසුතාවයකින් තොරව රට පුරා සංචාරය කිරීමේ හැකියාව ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ ස්ථානයෙන් සිදු කෙරෙනවා. මේ පර්යේෂණාගාරය සංචාරකයින්ට පමණක් සීමා කරන්නේ නැතිව ශ්‍රී ලාංකික රට විරුවන්ටත් පී.සී. ආර් සඳහා අවස්ථාව දෙන්න කියලා ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඔවුන් මෙරටට පැමිණීමෙන් පසුව පී.සී.ආර් රිපෝට් එක ලැබෙන කල් හෝටලයකට වෙලා ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිළිබඳ නොයෙකුත් විවේචන ඇති වුණා. සෞඛ්‍ය ඇමතිතුමාත් රට විරුවන් වෙනුවෙන් අවස්ථාව ලබා දෙන්නයි කියලා ඉල්ලා හිටියා.
මේ පර්යේෂණාගාරය ආරම්භ කරාට පසුව රටවිරුවන් කැමතිනම් මෙතනට ඇවිත් වාර්තාවක් ලබාගන්න පුලුවන් විදිහෙ ක්‍රමවේදයක් විදේශ සේවා අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සකස් කරන්න පියවර ගන්නවා. මේ පරීක්ෂණාගාරය සංචාරකයන් මෙරටට ගෙන්වීමේ දී අපට විශාල ශක්තියක් වෙනවා. අනෙක් රටවල් අපිට වඩා සංචාරක පැමිණීම අතින් ඉදිරියෙන් ඉන්නවා.අපේ රටට ඇවිත් තියෙන්නේ සංචාරකයෝ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක්.
අපේ ඉලක්කය වෙලා තියෙන්නේ දිනකට සංචාරකයෝ පන්දහසක් පමණ මෙරටට ගෙන්වා ගැනීමයි. ඒ විදිහට සංචාරකයෝ පැමිණෙන කොට සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් අපි සකස් කරන්න ඕනේ .
විපක්ෂය හැමදාමත් අපි කරන වැඩේට විරුද්ධ මතවාද ඉදිරිපත් කරනවා.පාර්ලිමේන්තුවට ඇවිත් සංචාරක ක්ෂේත්‍රය කඩං වැටිලා කියනවා.ජනතාව අසරණ වෙලයි කියනවා. එලියට ඇවිත් සංචාරකයෝ නිසා කොරෝන බෝ වෙනවා කියනවා.රටේ ජනතාවගේ සුරක්ෂිත භාවය ආරක්ෂා කරමින් ලංකාවට සංචාරකයින් ගෙන්වා ගෙන රටේ ආර්ථිකය ගොඩ නැංවීමට සියලු දෙනාටම ආරාධනා කරනවා.
රාජ්‍ය අමාත්‍යය ඩි වි. චානක මහතා
ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන ක්ෂේත්‍රය සංචාරක ව්‍යාපාරයයි.2015වෙනකොට ඩොලර් මිලියන 4.5 ගෙනාව සංචාරක කර්මාන්තය පාස්කු ප්‍රහාරයත් සමග කඩා වැටුනා. 2014 සිට සෑම වසරකම සියයට 20ක වර්ධනයක් දකින්න ලැබුණ ක්ශේත්‍රයක්. රටේ යුද ජයග්‍රහණයක් ජයග්‍රහණයත් සමඟ සෑම වසරකම ලොව සංචාරය සඳහා හොඳම රට බවට ශ්‍රී ලංකාව පත් වුණා. පාස්කු ප්‍රහාරයත් එක්ක ඒ තත්ත්වය කඩා වැටුණා වසංගතයත් එක්ක අපිට සංචාරක ක්ශේත්‍රයෙන් ලැබුණ ඩොලර් මිලියන 4.5 අහිමි වුණා. දැන් අපි ආයෙත් ටික ටික ඉදිරියට එනවා . දිනකට සංචාරකයෝ 1000ට ආසන්න ප්‍රමාණයක් දැන් ලංකාවට එනවා . ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණෙන රටවල් දැන් අපිව රතු ලයිස්තුවෙන් ඉවත් කරමින් තිබෙනවා.
නැවත වතාවක් ලෝකෙ ඉදිරියේ අපේ රට පිළිබඳ තිබුණු විශ්වාසය ඇති ඇතිවෙමින් තිබෙනවා. ලංකාවේ ජනතාවගෙන් සියයට 50 කට වැඩි ප්‍රමාණයකට එන්නත ලබා දීලා තියෙනවා.ප්‍රතිශතයක් වශයෙන් ගත්තම වැඩියෙන්ම එන්නත්කරණය ලබා දෙනවා ලබාදෙන රටයි.මේවා සමග ලංකාව කෙරෙහි ආකර්ෂණය වැඩි වෙනවා.සංචාරකයින් ලංකාවට පැමිණ කෙටි කලක් තුළ පී.සී.ආර් වතාව ලබාගන්න හැකි වීම සෑහෙන්න වටිනවා.දැන් පැය තුනක් ඇතුළත ඇතුලත වාර්තාව ලැබෙනවා. ශ්‍රී ලාංකිකයින්ට වාර්තාව negative නම් නිවෙස් වලට යන්න පුළුවන්. පහුගිය කාලේ සංචාරය කරනවා වෙනුවට , නිවසට යනවා වෙනුවට හෝටලයක දිනක් ගත කරන්න සිද්ධ වුණා.අද මේ පහසුකම
එක්ක පැය කිහිපයක් ඇතුළත සංචාරකයින්ට සංචාරය සඳහා ශ්‍රී ලාංකිකයින්ට නිවෙස් වලටත් ගන්න හැකි වෙනවා.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජි.ඒ.චන්ද්‍රසිරි, උප සභාපති රජීව් සූරියආරච්චි යන මහත්වරුන් ද මෙහි දි කථා කළහ.