ලේකම්වරයා මේ බව පැවසුවේ,රට විවෘත වු පසු සංචාරකයින්ගේ පැමිණීම වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ සුදානම සහ රිටීගල ලෝක උරුමයක් කිරීම සම්බන්ධයෙන් අද(24)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
රට විවෘත කෙරෙන අවස්ථාවේදී මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් රටට ලබා දීය හැක්කේ කුමක්ද යන්න තමා අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බවත් ඒ සඳහා මේවන විට කටයුතු සුදානම් කර ඇති බවත් පැවසීය.
මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ලංකාව පුරා විහිදුනු ආයතන 26ක් පමණ තිබෙන බව පැවසු ලේකම්වරයා, සිගිරිය,දඹුල්ල,අනුරාධපුරයේ මහාවිහාරය, අභයගිරිය,ජේතවනය සහ මොණරාගල ඇති වැදගත් පෞරාණික ස්ථාන ,විශේෂයෙන් අම්පාර පුදේශයේ මඟුල් මහා විහාරය
සියල්ල සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථාන වන බවත් මේ දින වල මෙම ස්ථාන සංරක්ෂණ කටයුතු සහ සංවර්ධන කටයුතු කෙරෙන බවද පැවසුවේය.
රට විවෘත වීමෙන් පසු මේ ස්ථානවලට පැමිණෙන පාසැල් දරුවන්ට නොමිලේ ස්ථාන නැරඹීමට හැකි බවද මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධයක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණි රණසිංහ මහත ප්‍රකාශ කළේ, මේවන විට විදේශිය මෙන්ම දේශිය සංචාරකයින් මෙම ස්ථාන වලට පැමිණීම අපි දැඩි සේ අපේක්ෂා කරන බවය.
නැගෙනහිර මුහුදු තීරයේ සහ දකුණු මුහුදු තීරයේ දියයට කිමිදි අපේ උරුමය දැකබලා ගැනීමට හැකි පරිදි කිමිදුම් කර්මාන්තය දියුණු කරන බවත් මේ සඳහා දෙශිය මෙන්ම විදේශිය පුහුණුවලත් පිරිසක් සම්බන්ධ කරගෙන සිටින බවත් අධයක්ෂවරයා පැවසීය. මුහුද යට ගිලී ගිය අපේ ඓතිහාසික උරුමය දැක බලා ගැනීමට ගිලුණු නැව්,කොරල් පමණක් නොව ජීවි සම්පතද දැක ගැනීමට හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නේ ය.
රිටිගල ලෝක උරුමයක් කිරීම සම්බන්ධව කරුනු පැහැදිලි කළ මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා,දැනටමත් මෙහි ප්‍රාථමික කටයුතු සිදු වන බවත් නව ලෝක උරුම ලැයිස්තුවට රිටිගල ඇතුළත් කිරීම අපේ වගකීමක් වන බවත් පැවසුවේය.