පෙබරවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ගම්පහ ආයුර්වේද රෝහල කේන්ද්‍ර කොට ගනිමින් පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ආරම්භ කිරීමට පියවර - රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි

    සැප්තැම්බර් 24, 2021

    කොවිඩ් රෝගය වැළඳී සුව වුණ ද ඉන් ඇතිවන පසු සන්කුලතා කිසිවක් දේශීය වෛද්‍ය ප්‍රතිකාර වලින් සිදු නොවන බවත්, ඒ අනුව පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවත්, යක්කල, ගම්පහ ආයුර්වේද රෝහල කේන්ද්‍ර කරගෙන පළමු කොව්ඩ් පශ්චාත් ප්‍රතිකාර ඒකකය නිර්මාණය කිරීමට ඉදිරි දින කිහිපයේ දී කටයුතු කිරීම උදෙසා විශේෂ අධ්‍යනයක් ද සිදු කොට තිබෙන බවත් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොදී මහතා ප්‍රකාශ කර සිටියේය.


    ඒ මහතා මේ බව කියා සිටියේ කොවිඩ් මර්ධනය සඳහා දේශීය ආයුර්වේද පිළියම් යන මැයෙන් අද (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී ය.

    මේ වන විට ප්‍රතිශක්තිකරණය වැඩි කිරීම සදහා ඖෂධ ලබා දීමේ වැඩපිළිවෙල පළාත් සභා සමඟ ඒකාබද්ධ වී දිවයින පුරා ගමන් කරමින් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද කියා සිටි ඒ මහතා කොව්ඩ් රෝගයෙන් පීඩාවට පත්ව සිටින නිවෙස් වලට ප්‍රතිශක්තිකරණ මංජුසාවක් ලබා දීමේ කටයුත්ත පළාත් මට්ටමින් ආරම්භ කොට තිබෙන බවත්, එය ජාතික වැඩසටහනක් ලෙස ඉදිරි දින කිහිපයේ දී ක්‍රියාත්මක කිරිමට පියවර ගනු ලබන බවත් කියා සිටියේය.

    බටහිර වෛද්‍ය ක්‍රමත්, දේශීය චිකිත්සක ක්‍රමත් ඒකාබද්ධ කරගත් වැඩපිළිවෙලක් ඔස්සේ යමින් මෙරට ආයුර්වේද රෝහල් පද්ද්ධතිය සක්‍රිය කිරීමට කටයුතු කර ඇති අතරම කොවිඩ් රෝගයට ප්‍රතිකාර ලබන රෝගීන් සම්බන්ධ යෙන් ගෙන බැලීමේ දී ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ සිදු කරන ක්‍රියාදාමය ඉතාමත් සාර්ථක බවත්, පරම්පරික දැනුම් පද්ධතිය නැවත මෙරට තුළ ප්‍රචලිත කොට ජනයා සුවපත් කිරීමට දේශීය වෛද්‍ය වෙදකම් ප්‍රවර්ධන අමාත්යංශය ලෙස පෙළ ගැසී කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya