මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසූයේ, රජයේ ජනතාවාදී ගමන්මග ඉදිරියට ගෙනයමින් රටපුරා රාජ්‍ය ඔසුසල් ආරම්භ කිරීමට කටයුතු කරන බවය. පසුගිය යහපාලන සමයේ සිදුවූ අසාමාන්‍ය ඖෂධ මාෆියාවට තිත තබමින්, පසුගිය වසර තුළ පමණක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව රු. බි. 3.5ක ලාභයක් ලබාගත් බවද සඳහන් කරන ලදී.
අතිගරු ජනාධිපති තුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති මාලාවට අනුව යමින් රට පුරා තත්ත්වයෙන් උසස් ඖෂධ සාධාරණ මිලකට ලබා දෙමින් ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම පෙරදැරි කරගත් මහාචාර්ය සේනක බිබිලේ මැතිඳුන් ප්‍රාර්ථනා කළ අභිලාෂය මුදුන්පත් කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කැපවී කටයුතු කරන බවද තවදුරටත් සඳහන් කරන ලදී.
මෙම අවස්ථාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේණ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උඳුගොඩ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.