සිය අමාත්‍යංශය තුළදී අභ්‍යාසලාභී උපාධිදාරීන් ස්ථිර රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, වන විට මේ අභ්‍යාසලාභීන් විවිධ රාජ්‍ය ආයතනවල පුහුණුවන්නන් ලෙස කටයුතු කරන බවත්, රාජ්‍ය ආයතන නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බැවින් මෙම පිරිසගේ පුහුණු කාලය දිගු කළ බවත්, පුහුණු කාලය සම්බන්ධයෙන් යම් යම් දේශපාලන කණ්ඩායම් පවසන දේ පිළිනොගන්නා ලෙස තමන් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත්ය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා “අද වන විට මේ අභ්‍යාසලාභීන් විවිධ රාජ්‍ය ආයතනවල පුහුණුවන්නන් විදියට කටයුතු කරනවා.කොහොම වුනත් ඇතිව තියෙන කොවිඩ් වසංගතය තුල මේ අයට රාජ්‍ය සේවාව පිළිබඳ විදිමත් දැනුමක් ලබා ගන්න නොහැකි වුනා.මොකද දිස්ත්‍රික් ලේකම් කාර්යාල,ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආදී බොහෝ රාජ්‍ය ආයතන නිසි පරිදි පහුගිය කාලෙම ක්‍රියාත්මක වුනේ නෑ.මේ වන විටත් රටේ රාජ්‍ය ආයතන වල පවතින්නේ මේ මම කියපු වටාපිටවමයි.”
“එහෙත් අමතක කරන්න එපා රාජ්‍ය ආයතන ක්‍රියාකාරීත්වය සීමා සහිතව පවත්වාගෙන ගියත් මේ අභ්‍යාසලාභීන්ට ගෙවන දීමනාව එකඳු මාසයකවත් අපි පමා කරල හෝ නොගෙව සිටියේ නෑ.නමුත් අපි දන්නවා රාජ්‍ය සේවයට එන මේ අභ්‍යාසලාභීන්ට රාජ්‍ය සේවය පිළිබඳව හොඳ අවබෝධයක් හා දැනුමක් තිබිය යුතුයි.මේ දැනුම ලබා ගන්න නම් රාජ්‍ය ආයතන තුල මේ අය කටයුතු කලයුතු වෙනවා.පවතින තත්ත්වය තුල මේ දැනුම ඔවුන්ට නිසි පරිදි ලබා ගන්න හො ලබා දෙන්න කියන කාරණා දෙකම සාර්තක කරගන්න බැරි වුනා .මේ කාරණා සියල්ල සලකා බලලා රජයක් විදියට අපි තීරණය කලා මේ අයගේ අභ්‍යාස කාලසීමාව තවත් මාස තුනකින් දීර්ඝ කරන්න.”
“රටේ ආර්ථිකයකට විශාල බලපෑමක් වෙලා තියෙන මොහොතක අපි රජයක් විදියට අපි දුන්න පොරොන්දුව කඩ නොකොට ඉටු කරන්න කටයුතු කරමින් සිටිනව.මේ සියල්ල නිශ්චිත ලෙසම සිදුවන බව දැන දැනත් ඇතැම් අවස්තාවාදී දේශපාලන පක්ෂ නියෝජනය කරන වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් වැරදි මතයක් අභ්‍යාසලාභීන් අතර පතුරවන්න උත්සාහ දරනව.”
“රටක් විදියට ප්‍රශ්න ගණනාවකට මුහුණ දීලා තියෙන මේ වෙලාවේ උපාධිධාරීන්ගේ ජීවිත අවධානමකට නොදමා ගත හැකි හොඳම තීන්දුව අරන් තියෙන මේ මොහොතේ අවස්තාවාදීන්ට අසු නොවී ඉවසීමෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම විෂයභාර අමාත්‍යවරයා විදියට කරන්න මම කැමතී ” යැයි ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පැවසීය.