මාර්ගගත (online) ක්‍රමය ඔස්සේ ඓතිහාසික, පුරාවිද්‍යත්මක, වාස්තු විද්‍යත්මක සහ කලාත්මක ඉතාම වටිනා ග්‍රන්ථ රාශියක් සහන මිලකට ලබා දීමට කටයුතු යොදා ඇත.විශේෂ පර්යේෂණ කෘති, ළමා සාහිත්‍ය කෘති, පරිවර්තන කෘති,මාර්ගෝපදේශක කෘති,ඓතිහාසික විස්තර ඇතුලත් සිතියම්, පින්තූර, තැපැල්පත්, පෝස්ටර්, ඉතිහාසය සහ පුරාවිද්‍යාව පිළිබඳව ලියැවුණු සිංහල ඉංග්‍රීසි ග්‍රන්ථ රාශියක් මේ අතර වේ.
ඒ සමඟම බටලීය ජාතික අනුරූ පාසල නිර්මාණය කල විශිෂ්ඨ වර්ගයේ අනුරූ (replica) සහ විවිධ කලා නිර්මාණද (online) ක්‍රමවේද මගින් මිලදී ගත හැක.
එම ප්‍රකාශන සහ අනුරූ අලෙවිය ආරම්භ කරමින් බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්දු මහාචාර්ය කපිල ගුණවර්ධන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහත්වරුන් වෙත මධ්‍යම සංස්කෘතික අරමුදලේ මාධ්‍ය අධ්‍යක්ෂ ලලිත් උදේෂ මධුභාණු සහ සහකාර අධ්‍යක්ෂ චිත්‍රා දඹදෙණියආරච්චි විසින් ග්‍රන්ථයක් සහ අනුරුවක් සැප්තැම්බර් 16 දින සංකේතාත්මක ලෙස අලෙවිය ආරම්භ කරන ලදි.
මධ්‍යම සංස්කෘතික අරමුදලෙහි නිල සමාජ මාධ්‍ය පිටුවට පිවිසීමෙන් ඔබට අවශ්‍ය කෘතීන් හා අනුරූ මිලදී ගැනීම සිදු කළ හැකිය.