ඔහු මේ බව පැවසුවේ රජයේ නිල පුවත් වෙබ් අඩවියට අදහස් දක්වමිනි.
තමා මෙම අමාත්‍යංශය භාරගත් පසු කොවිඩ් රෝගයට ප්‍රතිකාර විමසීමේ දේශීය ජාතික කමිටුවක් පත්කළ බවද, ඒම ජාතික කමිටුව වෙත ඉදිරිපත් වන ඖෂධ වර්ග පිළිබද අධ්‍යයනය කර ඒම අධ්‍යයනය කිරීම පිළිබද ආයුර්වේද දෙපාර්තමේන්තුව යටතේ ඇති සූත්‍ර කමිටුවට ඉදිරිපත් කර ඒ් පිළිබදව නිසි අධ්‍යයනයක් සිදුකිරීමෙන් පසු ඒම අය ඒම දේශීය ඖෂධ වර්ග පිළිබදව විමසීමක් කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම වැඩපිළිවෙල ඉතා දීර්ග කාලයක සිට කොවිඩ් රෝගය සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාත්මක වන බවද, කොවිඩ් ප්‍රතිකර මධ්‍යස්ථාන ආයුර්වේද රෝහල් 15ක මෙය ක්‍රියාත්මක වන අතරම ඒ් සියල්ලම සාර්ථක වී ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.
අධ්‍යයනයේ ප්‍රතිඵල වශයෙන් ඇරඹූ ප්‍රතිකාර විදි අනුගමනය කර පාරම්පරික වෛද්‍යවරුන්ද මේ හා සම්බන්ධව ඉදිරිපත් කළ ඖෂධ රාශියක් ඇතැයිද, ඒ්වා සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.