මෙහිදී බස්රථ හිමියන් සදහා බැටරි,ටයර්,ටියුබ්,ලිහිසිතෙල් සදහා (ලේලන්ඩ්,ඩිමෝ,සියැට්,ලාෆ්ලුබ්රිකන්ට්,වොන් ලුබ්රිකන්ට්) යනාදී ආයතන මගින් මිලදී ගැනීම් සිදු කිරීමේදී අවුරුද්දක් සදහා වූ රුපියල් 65000 - 75000 අතර සහනයක් පිරිනැමීමටත්, බස්රථ සඳහා වූ ගෙවීගිය අමතර කොටස් ලබාගැනීමේ දී අශෝක්ලේලන්ඩ් ආයතනය මගින් 10% ක වටමක් ලබාදීමටත්, රක්ෂණ ආවරණ ලබා ගැනීමේදි කොටස් වශයෙන් ගෙවීමක්ද හිමිවනු ඇත.
මෙම උත්සව අවස්ථාව සදහා ජාතික ගමනාගමන කොමිසන්සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාද මධ්‍යම පලාත් ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති හසිත මහතාද සහභාගී විය