රත්ගම ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
රටේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ නියමිත වේලාවට අඩු මිලකට ලබා දීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.සංචාරක කර්මාන්තයෙන් ඩොලර් මිලියන 5ක් ඉපයූ ශ්‍රී ලංකාව මේ වන විට එක් ඩොලරයක් හෝ ඉපයීමට නොහැකි තත්වයට පත්ව ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටේ මේ වන විට ඩොලර් හිඟයක් ඇති වී ඇති බවද හෙතෙම පෙන්වා දේ.මේ හේතුවෙන් ඇතැම් භාණ්ඩ ආනයනකරුවන් නිසි ප්‍රමිතියෙන් තොර ස්ථාවර මිලක් රහිතව භාණ්ඩ ලබා ගෙන දෙගුණයක මිලකට අලෙවි කිරීම සිදු කරන බව පවසන අමාත්‍යවරයා එවැනි ක්‍රියා සිදු කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව අවධාරණය කළේය.
වරායේ පවතින මුදවා නොගත් භාණ්ඩ පවතී නම් පළමුව සතොස ආයතනයට දැනුම් දෙන බවත් තමා හෝ විධායක නිලධාරියකු එම ස්ථානයට ගොස් එම භාණ්ඩ මිනිස් පරිභෝජනයට සුදුසුදැයි සොයා බැලීමෙන් අනතුරුව එම තොග සඳහා වරායට ගෙවිය යුතු මුදල ඔවුන් සමඟ සාකච්ඡා කර තීරණය කිිරීමෙන් අනතුරුව සතොස ජාලය හරහා පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන බව සතොස සභාපති රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.
පසුගියදා පැවති ජීවන වියදම් කම්ටු සාකච්ඡාවේදී වරායේ පවතින සීනි තොග සතොසට ලබා ගන්නා ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව පවසන ඒ මහතා ඉදිරි සතියේදී එම තොග ලැබීමට නියමිත බවත් එසේ ලැබුණ පසුව උපරිම සාධාරණ මිලකට පාරිභෝගික ජනතාවට ලබා දීමට කටයුතු කරන බවත් ඒ මහතා කියා සිටියේය.