පළමු අදියරේ ඉදිකිරීම් අවසන් කිරීමට රුපියල් මිලියන 222 ක මුදලක් වැය වී තිබේ. දෙවන අදියරේ ඉදිකිරීම් සදහා රුපියල් මිලියන 250 ක මුදලක් වෙන් කර තිබේ. මෙහි දෙවන අදියරේ ඉදිකිරීම් ඉදිරි මාස කිහිපය තුළ අවසන් කිරීමට හැකිවනු ඇතැයි ඉංජිනේරුවරුන් විශ්වාසය පළ කරයි.
මෙම මාර්ගය ජාතික මහාමාර්ග පද්ධතියේ ඒ හා බී ශ්‍රේණියේ මාර්ග දෙකක් සම්බන්ධ කෙරෙනු ඇත. ඒ අනුව කොළඹ - පුත්තලම මාර්ගය හා හලාවත - ආණමඩුව මාර්ගය මේ හා සම්බන්ධ වනු ඇත.
කෘෂි භෝග ආර්ථික මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට, ජනතාවගේ දෛනික කටයුතු පහසු කරලීමට, පුත්තලම, හලාවත හා ආණමඩුව යන ප්‍රධාන නගර වෙත පහසුවෙන් ලගා වීමට මෙම මාර්ගය සංවර්ධනය කිරීම වඩාත් ඉවහල් වනු ඇත.
වර්ෂාව හේතුවෙන් මාර්ගයේ ඇතැම් කොටස් ජලයෙන් යටවීම නිසා අබලන් වීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත් වී සිටියහ. ජනාධිපතිතුමාගෙන් ජනතාව කරන ලද ඉල්ලීමක් ඉටු කරමින් මෙම මාර්ගය ඉතාමත් ක්‍රමවත් හා විධිමත් අයුරින් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.