එල් ටී ටී ඊ සැකකරුවන් හමුවීම මෙන්ම බන්ධනාගාර පහසුකම් හා ආරක්ෂාව වැනි කාරණා නිරීක්ෂණය කිරීම සඳහා බන්ධනාගාර වෙත ගොස් පැමිණීමෙන් පසුව
මාධ්‍ය හමුවේ අමතමින් ඊයේ (26) ඒ මහතා මේ බව පැවසීය.
එමෙන්ම එල් ටී ටී ඊ සැකකරුවන්ට මේ වන විට හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයා පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් කිසියම් බලපෑමක් එල්ලවීද යන්න සම්බන්ධයෙන් තමන් ඔවුන්ගෙන් විමසූ විට මෙම සිරකරුවන් පැවසුවේ,තමන්ට කිසිඳු බලපෑමක් එල්ල වී නොමැති බවත්, ඉකුත් දා ඇතිවූ ගැටලුව, ජාතිවාදය හෝ වෙනයම් ගැටලුවක් නිසා සිදු වූ දෙයක් නොවන බව ඔවුන් දන්නේ යැයි තමන් වෙත පැවසූ බවත්,අමාත්‍යවරයා පැවසීය.
හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ ස්වාධීනව සිදුකෙරෙනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.